•පස්වන මිනිසා•

199 61 4
                                    

තව වසර සියයක් ඉක්මුවවද...
ඔහුගේ මුහුණේ තැවරුන සිනහවද,
ඒ ඝන මෙන්ම දිගු ඇසිපිය සහිත දෑසද,
ඔහුගේ කුඩා මුත් ආදරණීය රුවද
ඒ නම ඇසුණු සැනින්
මගෙ මනසේ පැහැදිලිව ඇඳෙනු ඇත.

හිතට දැනුනු මිනිසුන් එහෙමය.

ඔවුන් අතින් කෙතරම් වැරදීම් සිදුවුවද
අර සෙනෙහෙවන්තම මොහොතවල් වලට
අපි ලෝභ ය.

______________________

ඔහු
කෞතුකාගාර සිතුවමක් ය.

පරණ ය.
කඩතොළුව ගොස් ය.
වර්ණයන් වියැකී ගොස් ය.

නමුත්,

දුලබ ය.
අනර්ඝ ය.
කලාතුරකින් නිම වන්නක් ය.

_____________________

පිරිමියෙක්ගේ නෙත් වලින්
දකින ගැහැනු රුව,
ඔහු කියාදුන්නේ ගුරුවරයෙක්ටත් වඩා සරලව ය.

ඇත්තෙන්ම
පිරිමින් විවිධාකාරය.

ඔවුන්
ගැහැනුන් දකින ආකාරයද විවිධ ය.

_______

ගරුත්වය යන්න,
වැඩියෙන්ම තිබිය යුත්තේ
මනුශ්‍යයා තුළ මිසක
ඔහුට පෙනෙන රුවේ නොවන බව
කියාදුන්නේ
ඔහුය.

මා හුස්ම ගන්නා තාක්ම
මගේ ගෞරවය
ඔහුට හිමි ය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Donde viven las historias. Descúbrelo ahora