•දහවන මිනිසා•

151 46 16
                                    

කාලය විසින් මිත්‍රත්වයේ අඳුරු පැතිකඩ
කියාදෙමින් සිටින සමයක
ස්නේහයේ බිඳුවක් වුවද
මහ ලොකුවට දැනෙනු ඇත.

සෙනෙහස ඒවගේය.
හරි ආදරණීයය.

එහෙත් වරදාගතහොත්
වේදනාකාරීය.

_____

මිත්‍රත්වයෙන් අඩියක් ඉදිරියටත්
ප්‍රේමයෙන් අඩි දහයක් පිටුපසටත් ගත් තැනක,
මා ඔහු දෙස බලා හිඳිමි.

ඔහු උසය.නළ දත් හිමිය.
තළෙළු සම හා ලස්සන නිය පෙලක් තිබුණා මතකය.

දෑස් කලුය.
නමුත් ආලවන්ත බැල්ම අපැහැදිලිය.

ආලයට වඩා එතුළ වූයේ
පාලනයය.
_____

ඒ පාලනයෙන් උදුම්මාගත් බැල්මට
මා බියය.

එහෙයින් ඒ බැල්මෙන්
පැනයාමට හේතු හමුවුනා
විය යුතුය.

__________

ගොයම් කරල් සරුසාරව පැහැද්දී
බිමට බරවිය යුතුය.

ඒ කරල්,
පිරුණු ඒවාය.
එහෙයින් නැමිය යුතුමය.

යුතුම නැතත්
පුරුද්දට මෙන්
ඒ කරල් නැවෙනවාය.

_________

නොනැමෙන කරල් පුහුය.

පොතුව සාමාන්‍ය වුවද
ඇතුල හිස්ම හිස්‍ ය.

මතක තබා ගනු පිණිස
නැවතත් කිව යුතුය,
හි ස් ම   හි ස් ය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔حيث تعيش القصص. اكتشف الآن