•නවවන මිනිසා•

159 49 15
                                    

නවය නපුරුය.

ඔව්.සෑහෙන්න නපුරුය.
නමුත් ඔහු නොව
මම ය.

එහෙත්
නිදහස නොමැති තැනකින්
ඉවත් වූ මා වරදකාරී වන්නේ කෙසේද?

_________

අහම්බෙන් මුණ ගැසෙන ඔහු ගැන
පවසන්නට මට වදන් එක් කරගත නොහැක.

කෙසේ සිතුවත්
කොහේ හෝ තැනක මා දෙසට එල්ලවන
දෝෂාරෝපණයක දිගු වූ හස්තයක් ඇතිබව
වටහාගන්නට
මට ටීකා අවැසි නොවීය.

මා නිවැරදි නැත.

නමුදු
ඔහු හරිත් නැත.

____________

ආගම්,
ආදරයට බාධාවක් නොවන බව
කෙතරම් අසා තිබුණද..
අනෙක් ආගම දිහා විවෘත මනසකින් නොබලන තැනක
ප්‍රේමාන්විත හැඟීම් ජනනය
අපහසු බව මා දැක්කෙමි.

අප අනෙකාව හිස් මුදුනින්ම
පිළිගත යුතු නැත.
නමුත්,
ගරු කළ යුතුය.
______

පිළිගැනීම හා ගරු කිරීම
මාතෘකා දෙකකි.

පිළිගැනීම,
තම තම නැණ පමණින් කළ යුතු මුත්
ගරු කිරීම,
හිස තුළ මොළ ගෙඩියක් තිබෙන සියලු මනුෂ්‍ය ප්‍රාණීන්ගේ
අනිවාර්යය ලක්ෂණයක් විය යුතුමය.

මනුෂ්‍යයා
ගෞරවණීය විය යුතුය.

එය සිනහව මෙන්ම
තවත් එක් ප්‍රසන්න
භාවයක් වනු නිසැකය.

එහෙත් එවන් මනුෂ්‍ය ප්‍රාණීන් හිඟය.

_________

අපැහැදිලි දෙනෙත්.පුළුල් තොල්.
ඝන රැවුල.කැරලි කොණ්ඩය.
සුරුට්ටු කොට වැනි ඇඟිලි.
නුහුරු සින්හල වදන්.
මිලාධික පාවහන් සහ තෑගි.

මා සිතේ ඔහු පැහැදිලිය.

නමුත් පුදුමය නම්,
මතක දෙස හැරී බලද්දී
මට ඕනෑ ඒ පරිච්ඡේදය ඉක්මණට
පසු කර යෑම වීමය.
______

ඔහු නුහුරුය.

ඔහු හා කතා කළ මාද මට නුහුරුය.
___

අවසන් නිගමනය නම්,
නුඹ අනිවාර්යයෙන්ම නපුරුය.

එහෙත්
ප්‍රේමය වෙනුවෙන්
තම නිදහස පාවා නොදුන් නුඹ
නිර්භීතය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Unde poveștirile trăiesc. Descoperă acum