•එකොළොස්වන මිනිසා•

196 45 12
                                    

ඔහු නපුරු නැත.
'නපුරු' යන වදන ඔහුට හොඳ වැඩිය.

කේන්ති ගැස්සවූ විටක,
ඔහු වසවර්ති මාරයාට පමණක්
දෙවෙනිය.

ඒ තරමටම වසය.සැරය.රෞද්‍රය.

ඔහුගේ ගැඹුරු කටහඬ
එවිට තවත් රළු ය.

හිත රිද්දාගන්නට අවැසිනම්
මේ ටික ඕනෙවටත් වැඩිය.
_______

එහෙත්
ප්‍රේමය ඉදිරියේ,
මා දුටු ආදරණීයම චරිතය වන්නේ
ඔහුමය.

ඔහු සෙනෙහසින් පිරුනු අයෙක්‍ ය.

ඔහු
මා දැක ඇති
ආදරණීයම චරිතය වන්නේය.
____

"සෙවනැල්ල වුව අත් හරින තැන
අත්නොහැර මා සමඟ එන ඔබ"

ඔහු එලෙසය.
සෙවනැල්ලට වුව ඉරිසියා හිතෙන තරමට
බැඳිලාය.

_________

මා හොඳින්ම දන්නේ ඒ දෑස්‍ ය.

ඒ දෑස් ගැඹුරුය.
මුහුද හා සමය.

ඒ දෑස් දීප්තියෙන් පරිපූර්ණය.
මුළු විශ්වයේම තාරුකා සඟවාගෙන ඇතිවාක් වැනිය.

හැමවිටම මවෙතට යොමුවන
ඒ කාලවර්ණිත දෑසෙහි බැල්ම වෙනස් ය.
සන්සුන්‍ ය. ප්‍රේමණීය ය.

මාරයා වුවද,
මා ඉදිරියේ මෙල්ල වන්නේය.

_____

නමුත් ආරම්භය කටුකය.

හැඟීම් සඟවාගැනීමට දක්ෂ ඔහුව
අපේ ලොවකට ගෙන්වා ගැනීමට
අසීරු වූ අයුරු,
දැන් සිතන විටත් පුදුමය.

නමුත් අතීත අළු ගසා දැමූ
ප්‍රේම ගිනිසිළුව,
ගිනියම්ය.

තවමත් නොකඩවා
දැල්වෙමින්‍ ය.

_______

ඔහුව නිර්වචනයට මට වදන් වැඩිය.

එහෙත් සරලවම,
ඔහු කටුක ඉඩෝර මධ්‍යයේ ඇති
ප්‍රේමය නම් වූ උල්පතය.

මගේ හැමකතාවකටම
පිරවෙන්නාවූ ප්‍රේමයය.

________

ඉදින් ප්‍රේමිය,
නුඹ ගැන අවසන් කළ යුත්තේ මෙලෙසය.

"ඇරඹෙනා හැම කතාවකටම
තිබිය යුතු නම් නැවතුමක්
එතැන අතහැර
නුඹට බැඳුනෙමි මන්"

ඔව්.
නුඹ ගැන කියා
මෙතකින් අවසාන කළ නොහැකිය.

මෙය ආරම්භයක්ම
පමණක් වනු ඇත.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Tempat cerita menjadi hidup. Temukan sekarang