•එකොළොස්වන මිනිසාගේ සිද්ධාන්තය•

177 45 7
                                    

මා අමුතුය.
මේ කතාව ඊටත් වඩා අමුතුය.

______

නමුත්,
මේ කතාවට පාදක වූ සිදුවීම පහත සංවාදය ඇසුරින් ඔබට පහදා දෙන්නට මා කැමැත්තෙමි.

එය එක්තරා චිත්‍රපටයක දෙබසකි.
_________

"මන් මෙහෙම කියන්නම්,
ඔයා හිතන්න කාමරයක මිනිස්සු දහයක් එක්ක එක ගැහැනියක්ව තියනවා කියලා.

ඒ මිනිස්සු දහ දෙනාම අර ගැහැනියව එයා කොච්චර ලස්සන කෙනෙක්ද එයා කොච්චර වටින කෙනෙක්ද කියලා අගය කරනවා, එයාට බීම වත් කරලා දෙනවා. ඇත්තම කිවුවොත් ඒ ගැහැනියට රැජිණක් විදිහට සළකනවා.

ඔන්න එතකොටම,
ඒ කාමරය ඇතුළට ඇවිදන් එනවා
එකොළොස්වෙනි මිනිහා.

එයා එකම එක පාරක් ඒ ගැහැනිය දිහා බලලා, "අහ්!කොහොමද?" කියලා අහලා අනිත් පැත්තට හැරිලා
අර අනිත් පිරිමින් එක්ක විතරක් කතා කරන්න ගන්නවා.

අන්න එයාව!අන්න එයාව තමා ඒ ගැහැනියට ඕනේ වෙන්නේ.

අර එයාට මුළු රැය පුරාම හොඳින් සළකපු මිනිස්සු දහ දෙනාව නෙවේ.එයාට ඕනේ වෙන්නේ එයාව මොහොතකට නොසලකා හරින ඒ එකොළොස්වෙනි මනුස්සයවයි.

ඇයි?මොකද සමහරවෙලාවට ගැහැනුන්ට ඕනේ නෑ ප්‍රියමනාප බව.එයාලට ඕනේ නෑ ඇත්ත.එයාලට ඕනේ නෑ හොඳින් සලකගන්න.

මන් කියන්නෑ හැමතිස්සෙම ඒක එහෙමයි කියලා.

සමහරවිට ඒක කවදාක්වත් නොවෙන්න ඉඩකඩකුත් තියෙනවා.

ඒවගේම මන් හිතන්නේ ඒක පිස්සුවක්..!!එයාට අකමැති වගේ රඟපාලා ඒ ගැහැනියව දිනාගන්න එක!ඒක පිස්සුවක්!!

මට ඕනේ මන් හොඳින් සළකද්දි ඒකට කැමතිවෙන ගැහැනියකට.
මන් එයාව මේ ලෝකෙ ඉන්න වටිනම කෙනා විදිහට අගය කරද්දි, ඒක මගේ දුර්වලතාවය කියලා හරි මන් දිනාගන්න හරිම පහසු කෙනෙක් කියලා හරි නොදැක මාව පිළිගන්න කෙනෙක්ටයි මන් කැමති.

ඒත් අවාසනාවකට වගේ,ගොඩක් ගැහැනු එහෙම නෑ.

එයාලා කියනවා එයාලා එහෙමයි කියලා..එයාලගෙ හදවතේ පතුලක එහෙම වෙන්න අදහසකුත් තියෙනවා..

ඒත්......
එයාලා එහෙම නෑ."

උපුටාගැනීම
-Movie : What Love Is-
-  2 0 0 7 -

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Where stories live. Discover now