•කතා කරමු•

198 51 67
                                    

මුලින්ම අහන්න දෙයක් තියෙනවා
___________________

කතාව දැනුනේ
කොහොමද?
___________________

'The Eleventh Man Theory'
එහෙම නැත්තම් මේ
'එකොළොස්වෙනි මිනිසගේ සිද්ධාන්තය'
හරිම රසවත් මාතෘකාවක්.

ටිකක් කල්පනා කරලා බලන්න,
ගැහැනිය කටයුතු කරන විදිහ මතක් කරගෙන...

අද කාලේ ගොඩක් වෙලාවට
චිත්‍රපට වල , කතා වල ජීවත් වෙන
ප්‍රධාන නලුවට තියෙන්නේ
අර ගැහැනියගේ චරිතය නෙවෙයිද කියලා.

_______

මට හිතෙන විදිහට
මේ තියරි එක දෙපාර්ශවේටම පොදු දෙයක්.
_____

අපි ගොඩ දෙනෙක් කැමති
සාමාන්‍යත්වයෙන් මිදෙන්න.

ඒක හැමවෙලේම වෙන දෙයක් නෙවෙයි.

ඒත්..
බහුතරයකගේ හිතේ
කොහෙම හරි කෙළවරක
අර එකොළොස්වෙනි මනුස්සයව ලබාගැනීමේ
ආශාව තියෙනවා.

________________

මන් මගේ ජීවිතේ හම්බවුන
සමහර චරිත වල ගති ලක්ෂණ අරන්
මිනිස්සු කීපදෙනෙක්වම ගොඩනඟලා එකොළොස්වෙනියෙක් හැදුවේ
මේ අමුතු ඒත් සමීප දේ ඔයාලා එක්ක බෙදාගන්න.

මන් සාර්ථක වුනාද?
මන් දන්නෑ.ඒක තීරණේ කරන්නේ ඔයාලා.

_________

අන්තිමේදි හරි ඔයාලගෙ හිතේ තියෙන දේ
මන් වෙනුවෙන් කියන් යයි කියලා මන් හිතනවා.

මේ පොත කියවපු ඔයාලට,
ගොඩක් ස්තූතියි!

- සෙනූ -

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Where stories live. Discover now