දැනෙනා තුරු..01

5.5K 408 28
                                    

දැනෙනා තුරු...1

"කඩුගන්නාව...කඩුගන්නාව... ඔය කඩුගන්නාව බහින මහත්තය බැහැගන්න ටක් ගාල ..."

බස් එකේ කොන්දොස්තර  බස් එකේ ඉස්සරහ දොර ලග ඉදන් කෑ ගහද්දි මන් මගෙ ඉස්සරහින් තිබ්බ බෑක් දෙකත් අරගෙන දඩි බිඩි ගාල බස් එකෙන් බැහැගනිද්දිම වගේ බස් එක මාව පාස් කරගෙන කඩාගෙන බිදගෙන ඉස්සරහට යද්දි ,  කලු පාට දුම අතරෙන් ඉස්සරහට අදෙන කොලබ නුවර බස් එක දිහා මම  තත්පර ගානක් බලාගෙන ඉදියෙ තවමත් කලබල ගතියෙන්  පිරුන හිත සැහැල්ලු වෙන්න දෙන ගමන් . ජීවිතයෙ වැඩිම කාලයක් මන් හිටියෙ කොලබ.. ඒ කොලබට මන්  පුදුම විදිහට ආදරෙයි.. අනෙක් මිනිස්සු හැමෝම කොලබට බනිද්දි මන් ඒ කටුක කොලබට ආදරේ කරා.. ඔව් ඒ අතින් මන් ටිකක් වෙනස් කොල්ලෙක්..   කොලබට පස්සෙ මන් තව කොහෙ හරි ජීවත් වෙන්න ආස කරානම් ඒ නුවර.. අවුරුදු ගානක් මන් ඉගෙනගත්තෙ , කොහොම හරි ඒලෙවල් පාස් වෙලා පේරාදෙණිය කැම්පස් එකට යන්න හිතන්.. ඒට් ඒ හීනෙ ටිකක් වෙනස් වෙලා මම පේරාදෙණියෙ කැම්පස් යනව වෙනුවට රුහුන කැම්පස් අහුවෙද්දි උනත් මන් ඒ බලාපොරොත්ත්තුව අතඇරියෙම නෑ.. දැන් අවුරුදු හතරහ මාරක් ගෙවිල ආයිමත් ඒ හීනෙ අලුත් වෙලා නේද  කියල මට කල්පනා කරන ගමන් බිමින් තියල තිබ්බ ලොකු බෑක් එක එල්ලගෙන පාරෙ ඉස්සරහට යන්න පටන් ගත්තෙ මාමලගෙ ගෙදරට යන්න හිතන්

... ....................................................
කොලබ නුවර ප්‍රදාන පාරෙන් ටිකක් ඇතුලට වෙන්න වගේ තමයි මාමලගෙ ගෙදර තිබ්බෙ.. ඒක ගෙයක් කිව්වට වත්තක් කිව්වත් වැරදි නෑ මොකද මාමලගෙ පවුලෙ ගොඩක් අය ජීවත් උන මහ ගෙදර තමා ඒ..
ඒක නිසාම පරම්පරා හතරක පහක උදවිය ඒ ගෙදර ජීවත් උනා... මන් හිමින් හිමින් ඇවිල්ල ගේට්ටුව ඇරගෙන වත්ත  ඇතුලට ගිහිල්ල දොරට තට්ටු කරා...
" ආ සදූ අයියෙ...ඔයා ආවද...ලොකු අම්මෙ.... මෙන්න සදූ අයිය ඇවිල්ල..."
මාමගෙ ලොකු  අයියගෙ පොඩි කොල්ල දොර ඇරල ගේ දිහා හැරිල මහ  හයියෙන් කෑ ගහද්දි ගේ ඇතුලෙ ඉදන් අපේ අම්මට වඩා ටිකක් වැඩිමල් ගෑනු කෙනෙක් එලියට ආවා...
" අනේ පුතා ආවද.. එන්න වාඩි වෙන්න මහන්සිත් ඇති ඔයාට.."
ඒ තමයි සුදු නැන්ද.. අපේ මාමගෙ ලොකු අක්ක.. හරිම හොද කරුනාවන්ත කෙනෙක්..
අනික මේ ලොකුම ලොකු පවුලෙම අම්ම වගේ හැම දේම බලාගන්නෙ එයා.. " ඔයා උදෙන්ම ආව කියල අම්ම කිව්ව්...." " ඔව් සුදු නැන්දෙ මන් පාන්දරම ආව.. මන් නුවර කලින් බස් එකේ ඇවිල්ල නෑනෙ..." " ඒකනෙ...මන් ඔයාට ඔයාගෙ මාමගෙ කාබරේම අස් කරා.. යමු ගිහිල්ලම මහන්සි අරින්නකො..." එහෙම කියන ගමන් නැන්ද මගෙ අතේ තිබ්බ එක බෑග් එකක් ගද්දි මම අනික් බෑග් එක අරන් එයා පස්සෙන් යන්න ගත්ත.
. " සුදු නැන්දෙ කෝ කට්ටිය නැද්ද..."
" ආ අද දවල්ට මමයි  අර චන්ඩියයි විතරයි පුතේ... අනික් අය එහෙ මෙහෙ ගිහිල්ල මේ කොල්ල අද  බඩ රිදෙනව කියල  ඉස්කෝලෙ යන්න බෑ කිව්ව..." නැන්ද මගෙ ලගට වෙලා ඉන්න පොඩ්ඩ දිහා බලන් ඉද්දි මන් එයාගෙ ඔලුව අතගෑව..
" මට පේන්නෙ කොල්ල බොරු ලෙඩ නිවාඩු දාලද කොහෙද.. ඒව හොදනෑ හරිද..."
" ඒක තමා මාත් කිව්වෙ .. " " ඉස්කෝලෙ යන්න එපැයි හොද ලමයි අනික ටීචල උගන්වනවන ඒව පාඩු වෙනවනෙ නැත්තම්..."
"මන් අපේ ටීචට ආස නෑ එයා හරි නපුරුයි ..."
පොඩි කොල්ල බිත්තියය හේත්තු වෙලා කියද්දි මට හිනා ගියා.. මොකෝ මමත් කාලයක් ඔහොමම කිය කිය ඉස්කෝලෙ නොයපු නිසා..
" ඇත්තද... දැන් හරි වැඩේ තමා සුදු මහත්තයට වෙන්නෙ.. දැන් ගෙදරත් ටීච කෙනෙක් ඉන්නවනෙ..."
සුදු නැන්ද කියද්දි මට හිනා... " කෝ කොහෙද..."
"ඔය ඉන්න ... සුදූ මාම කොලබ ඉදන් ආවෙ මෙහෙ ඉස්කෝලෙක උගන්වන්න.."
සුදු නැන්ද එහෙම කියද්දි කොල්ල ඇස් ලොකු කරගන්නව මන් දැක්ක...
" එහෙනම් මන් ඒ ඉස්කෝලෙටම යනව"
පොඩ්ඩ මගෙ ලගට එන ගමන් කීවා

දැනෙනා තුරු...Where stories live. Discover now