දැනෙනා තුරු ....03

1.7K 320 24
                                    

දැනෙනා තුරු...3

" හලෝ good morninng ..."

" good morninng බන් මම එශාන්..." එශාන්ගෙ කටහඩ ෆෝන් එකේ ලයින් එකෙන් ඇහෙද්දිම මගෙ පපුව එක පාරටම අමුතු විදිහට ගැහෙන්න ගත්ත කියල දැනෙද්දි මන් වැඩි වෙනසක් නොකරම කතාකරා

"ආ කියන්න එශාන්..."

"නෑ කොල්ලො මන් සුබ පතන්න කියල ගත්තෙ .. පලවෙනි ජොබ් එකනෙ ඔයාගෙ..."

"අඩේ තෑන්ක්ස් බන් මාව මතක් උනාට.."

"මගුලක් කියනව උබට මාව අමතක උනාට මටනම් උබව අමතක වෙලා නෑ කවදාවත්.. ඉතින් දැන් කොහෙද ඉන්නෙ.."

" මන් මේ ඉස්කෝලෙට ආව විතරයි බන්.."

"ආ එහෙමද .. හරි මමත් මේ හොස්පිටල් එකට යන්න හදන්නෙ.. එහෙනම් හැම දෙයක්ම සාර්තකව කරගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව බන්..."

"තෑන්ක්ස් බන් උබට පින්.."

"පිස්ස.. හරි මේ මන් දවල් වෙලා ගන්නම් හොදේ බුදු සරනයි.."

"බුදු සරනයි බන් පරිස්සමින් පලයන් බයික් එකේ යද්දි..."
මන් එහෙම කියන ගමන් ෆෝන් එක කට් කරල දාල ඉස්කෝලෙ ඔෆිස් එක කියල හිතන්න පුලුවන් බිල්ඩින් එකක් පැත්තට ඇවිදන් යන්න පටන් ගත්තෙ හිත පුරා මතුවෙලා තියන හැගීම් ගොන්න ආසාවෙන් විදින ගමන්

... ............................................................. අත්තටම දවස ගෙවුනු වේගෙ හිතාගන්නවත් බෑ නේද කියල මට හිතුනෙ මන් ඉස්කෝලෙ ඉවර වෙලා ඉස්කෝලෙ ලගින්ම සෙනග පිරුනු බස් එකක නැගල යාන්තමින් සීට් එකක් වාඩි උනාම..නුවර කියල නෑ දවල් වෙද්දි මෙහෙටත් රස්නෙයි අනික බස් එකේ සෙනග නිසා තවත් රස්නෙ වැඩි වෙලා බස් එක ටිකක් වේගෙන් ගියත් ජනෙල් වලින් එන හුලන් පාරට ඒ රස්නෙ නැති කරන්න බෑ වගේ කියලයි මට දැනුනෙ... අක්කට හදිස්සි වැඩක් වැටිල එන්න බැරි උන නිසා මන් බස් එකේ නැග්ගෙ බෝඩිමක් හොයන වැඩේ හෙටට කල් දාන ගමන්.. බස් එක වංගු දිගේ හිමින් හිමින් ටික ටික පේරාදෙණිය පැත්තට එද්දි මන් බස් එකෙන් බැස්ස.. බැහැල ඊලග බස් එකට පයින්ම යද්දි මන් දැක්ක කඩුගන්නාව කියල බෝඩ් එකක් ගහපු බස් එකක් හෝල්ට් එක දිහාට එනව.. අඩිය ඉක්මන් කරල මන් ටක් ගාල බස් හෝල්ට් එකට ගිහිල්ල බස් එකට නැගල පිටිමපස්සෙ තිබ්බ සීට් එකකින් වාඩි වෙච්ච මන් ෆෝන් එක අතට ගත්තෙ කෝල් එකක් ආපි නිසා...

දැනෙනා තුරු...Where stories live. Discover now