දැනෙනා තුරු...11

1.5K 295 22
                                    

දැනෙනා තුරු ...11

ඇත්තටම ජීවිතයෙ වෙන දේවල් ගැන අපිට කල්තියා කියන්න බෑ නේද කියල මට හොදටම තේරුනෙ අද..මොකද මන් දවසම එශාන් එක්ක ගතකරා.. කෑව බිව්ව විනෝද උනා.. පන්සල් ගියා.. ඇත්තටම හීනයක් වගේ..
පන්සල් ගිහිල්ල ඉවර වෙලා අපි කන්න කියල කැම්පස් එක ලගම තිබ්බ ටැමිල් කඩේකට ගියා.. අපි දෙන්නම තෝසෙ ඕඩර් කරල ඇති වෙනකම් කතා කර කර පොඩිඋන් දෙන්නෙක් වගේ කෑම කෑව.. ඇත්තටම අද මගෙ හිත කියාගන්න බැරි තරම් පිරිල ගිහිල්ල ඒත් එක්කම මන් එශාන්ට තවත් ලන් වෙලා වගේ මට දැනුන.. මන් දන්නව මේ වැඩ නිසා වෙන්නෙ මන් බොරු බලාපොරොත්තු ගොඩාක් හිතේ පුරවගන්න එක අන්තිමට මටමයි ඒකෙන් විදවන්න වෙන්නෙ ඒත් මට ඒකට ගානක් නෑ.. මට කමක් නෑ අඩන්න වෙන එක ගැන මන් අනාගතය ගන හිතන්නෙ නෑ.. මේ ගෙවන හැම තත්පරක්ම මන් ආසාවෙන් විදගන්නව මතකයන් එකතු කරගන්නව.. එච්චරයි මට කරන්න පුලුවන් ඒ වගේම මන් බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි ...

..............................................................

මන් පහුවදා නැගිටිද්දි අටට විතර ඇති.. මන් ඇහැරෙද්දි එශාන් ඇහැරිලා කියල මට තේරුනේ සාලෙන් එන සද්ද බද්ද නිසා...

මන් ඇස් දෙක පිහිදගන්න ගමන් වැනි වැනි සාලෙට ගියෙ මොකද මේ උදේම මේ මනුස්සය ගේ කනපිට ගහන්න හදන්නෙ කියල හිත හිත..

මන් සාලෙට යද්දි එශාන් නිල් පාට ශෝටක් ඇදල තද දුඹුරු  පාට ටී ශර්ට් එකක් ඉස්සරහ තිබ්බ පුටුවක වාඩි වෙලා සපත්තු දාන ගමන් ඉදියෙ..

ඒත් එක්ක්ම එයා මාව දැක්ක...

" සදුන් උබ ඇහැරුනාද.. good morninng ..."

"Good morninng බන් උබ කොහෙද යන්න හදන්නෙ..."

"ආ.. පොඩි ට්‍රිප් එකක් බන්.."

"මොකක් හදිස්සියෙම ..."

"අඩේ ඔව් බන්.. අපේ උන් ටික හදිස්සියෙම සෙට් කරගෙන තියෙන්නෙ හයිකින් එකක් ඊයෙ රෑ කෝල් කරල බන් මටත් කිව්වෙ .. "

"එහෙමද..."

මන් යාන්තමට කියාගත්තෙ වෙන දෙන්න උත්තරයක් මගෙ ලග නැති නිසා..

" සොරි මන් ඇදගෙන ඇහැරවන්න ඉදියෙ උබව... "

"ඒකට කමක් නෑ.. උබ කාලව මන් තේකක් හදන්නද..."

දැනෙනා තුරු...Where stories live. Discover now