දැනෙනා තුරු...22

1.6K 269 28
                                    


දැනෙනා තුරු....22

" සදුන් ....මල්ලි මොකද මේ..මොකද උනෙ..."

පැතුම් අයිය මාව දැකපු ගමන්ම බය වෙලා වගේ කියන ගමන් මන් යාන්තම් ඇරපු  දොර තල්ලු කරගෙනම ඇතුලට එද්දි මගෙ ඇස් වල හිර වෙලා තිබ්බ කදුලු ආයිමත් අලුත් උනා...

" මොකද බන් මේ මොකද උනේ..."

පැතුම් අයිය ආපහු අහද්දිත් මට උත්තරයක් දෙන්න හිතුනෙ නෑ.. මන් මොකට අඩනව කියල.කියන්නද දෙයියනේ...
කෙල්ලෙක් වෙනුවට තවත් කොල්ලෙක් හින්ද මන් අඩනව  කියල මන් කොහොම කියන්නද..

මන් පැතුම් අයියට උත්තරයක් දෙනව වෙනුවට එහෙමම බිම බලාගත්ත.. ඒත් එක්කම තමයි මට දැනුනෙ එයා මාව තුරුල් කරගන්නව..

" උබට කියන්න බැරිනම් කියන්න ඕනි නෑ.. උබට ඇතියි කියල හිතෙනකම් .. උබගෙ දුක තුනී වෙනකම් අඩපන් මන් උබ ලගින්ම ඉන්නව... හරිද..."

පැතුම් අයිය මගෙ ඔලුව අතගාන ගමන් කියද්දි මට තවත් හිතේ තියන මේ හැගීම් හිර කරගෙන ඉන්න බැරි උනා.. ඒත් එක්කම මන් කෑ ගහ ගහ අඩන්න ගද්දි පැතුම් අයිය මාව තද කරල තුරුල් කරගත්තා...

..............................................................

මෝඩ වැඩක් කියල හිතුනත් මන් හැම  දෙයක්ම පැතුම් අයිය එක්ක කිව්ව...
එශාන්ව මීට් උන මුල්ම මොහොතෙ ඉදල ඊයෙ රෑ වෙනකම් උන හැම දෙයක්ම  මන් අකුරක් නෑර  පැතුම් අයිය එක්ක  කිව්වා.මගක් කියාගෙන යද්දි මට හිතුන මේ කරපු ගොන් වැඩේ නිසා පැතුම් අයිය මාත් එක්ක ආයි කතා කරන එකක් වත් නෑ කියල ඒත් මට ඕනි උනේ මේ හැමදේම කාටහරි කියල හිත නිදහස් කරගන්න..

හැබයි මන් හැම දේම කියල ඉවර වෙනකම්ම පැතුම් අයිය වචනයක් වත් නොකිය මගෙ කතාව අහන් ඉදිය.. මන් කතාව නතර කරහමත් එයා කිසිම සද්දයක් නැතුව බලන් ඉදිය.. අනේ මන්ද ඒත් මට එයාගෙ මූන බලන්න හිතුනෙ නෑ.. මන් දන්නව මන් වැරැද්දක් කරල නෑ ඒත් මිනිස්සු අනික මිනිස්සුන්ව හැම වෙලාවෙම තේරුම් ගන්නෙ නෑමන් ඒක දැන් දැනම තමා පැතුම් අයියට මේ දේ කීවෙ...

මන් එයාගෙන් ආපහු දෙයක් බලාපොරොත්තු උනේ නෑ.. මොකද මන් දන්නෙ නෑ එයා මට කොහොම උත්තරයක් විසදුමක් දෙයිද කියල...

දැනෙනා තුරු...Where stories live. Discover now