දැනෙනා තුරු....35 ( අවසන් කොටස.)

3.7K 447 203
                                    

දැනෙනා තුරු....35 ( අවසන් කොටස.)



ශශීගෙ වචනයක් වචනයක් ගානෙ මගෙ හිත කලබල වෙද්දි මට අමුතූම බයක් දැනුන..
ශශී මට නොකියා කියන්නෙ මන් නිසා එයාගෙ කසාද ජීවිතේ විනාස උනා කියලයි  මට දැනුනෙම..
ඇත්තටම මන් නිසා එහෙම උනාද.. මන් මගෙ  හිතෙන්ම  ප්‍රශ්න කරද්දි ශශී දිගටම කතා කරන්න ගත්තා..

" සදුන්..ඔයා උත්තර දෙන්නෙ නැත්තම් අඩුමගානෙ මන් දිහා බලන්නවත් පුලුවන්ද... මන් මේ ප්‍රශ්න කවදාවත් ඔයාගෙන් අහන්න ලැබෙයි කියල හිතුවෙ නෑ... ප්ලීස් මෙහෙන් ඇවිල්ල වාඩි වෙයන් බන්..."

ශශී කියල ඉවර වෙද්දිම වගේ වතුර නටල ඉවර උනා...
මන් ශශීට උත්තර දෙනව වෙනුවට කෝපි දෙකක් හදන්න ගත්ත ශශීත් මොකුත් කිව්වෙ නෑ මන් උත්තරයක් දෙනකම් බලන් ඉදිය...

මන් කෝපි දෙකක් හදගෙන එකක් ශශීට දෙන ගමන් ශශී ඉස්සරහින්ම වාඩි  උනා...

"ඉතින්... මට හේතුවක් දෙන්න බැරිද..."

ශශී ආයි මන් දිහාබලන් අහද්දි මන් ලොකු හුස්මක් ගත්තා   ....

" කවද ඉදලද..."

" මොකද්ද ...."

"කවද ඉදලද ඔයා දන්නෙ මන් එශාන්ට ආදරේ කරා කියල..."

" මන්  ඔයාග උපන්දිනේට ඔයාල ඇනෙක්ස් එකට ආව දවසෙ ඉදල..."

" කොහොමද..."

"මමත් ආදරේ කරපු කෙනෙක් සදුන්.. මන් එශාන්ට ආදරේ කරා.. ඒත් එශාන්ටත් කලින් මන් කෙනෙක්ට ආදරේ කරා.. ඒත් අපේ ගෙදරින් ඒකට විරුද්ද උනා.. ඒක නිසා අපි වෙන් උනා . පස්සෙ එශාන් මගෙ ජීවිතේට ආව...ඔයා එශාන් දිහා බලන බැල්මක ඉදන් ඔයා එයා ලගදි හැසිරෙන විදිහෙන් පවා මට තේරුම් ගියා ඔයා එයාට ආදරේ කරනව  මොක්ද මමත් කාලයක් ඒ විදිහටම කෙනෙක්ට ආදරේ කරපු නිසා..."

" ඒත්... ඇයි..."

"මන් ඒ ගැන ඇහුවෙ නැත්තෙද...
මන්ද බන්..මට අහන්න හිතුනෙ නෑ අනික මට ඔයා එක්ක තරගයක් තිබ්බෙ  නෑ මොකද මන් දන්නව අනිවාර්යයෙන් එශාන් මාව අතාරින්නෙ නෑ කියල.. එයාට ඕනි උනේ පර්ෆෙක්ට් ජීවිතයක්.. ඒකට හොදම ක්‍රමේ මාව බදින එක...ඉතින් මන් හිතුවෙ නෑ  එයා මාව වෙනුවට ඔයාව තෝර ගනී කියල..."

දැනෙනා තුරු...Where stories live. Discover now