දැනෙනා තුරු......14

1.4K 300 34
                                    

දැනෙනා තුරු ....14


" සොරි බන් පරක්කු උනාට... මන් දැන් තමා දැක්කෙ.."

"ඒකට කමක් නෑ බන්..."

"මගෙ කබල් ෆෝන් එක මගක් දුර යද්දිම ඕෆ් උනා බන්.. මන් ගෙදර ඇවිල්ල තමා නොටිෆිකේශන් දැක්කෙ.. අඩේ සිරාවටම සමාවෙයන් සදූ... මන් හිතල කරේ නෑ.."

"මොකද බන් මේ .. සමාව ඉල්ලන්න උබ වැරැද්දක් කරල නෑනෙ..."

"ඒත් මන් උබව උබේ උපන්දිනේ දවසෙ තනිකරා බන්.. සිරාවටම මට පට්ටම් අවුල් අනේ මට සමාවදීපන් බන්..."

"අයියෝ.... උබට පිස්සු බන්. .. ඕව හිතන්න එපා.."

මන් එශාන්ගෙ පැත්තට පෙරලිලා කලුවරේම එයාගෙ දිහා බලන් ගමන් කිව්ව.. ඒත් එශාන්ගෙ සිවිලිම දිහා බලාගෙනමයි කතා කරේ..

" ඒත්..."

"මන් තනියම නෙවෙයි බන් ඉදියෙ... පැතුම් අයිය ආව.. එයා රෑ වෙනකම්ම  ඉදල ගියෙ..."

"එතකොටම එයා ටක් ගාල මගෙ පැත්ත හැරුනත් මන් එයාට මූන නොදී සිවිලිම දිහා බලන්න ගත්තා..

" පැතුම්.. ආහ්.. ඉස්කෝලෙ යාලුව.."

"හ්ම්ම්ම්.."
ඊට පස්සෙ අපි දෙන්න අතරෙ ආයිමත් තිබ්බෙ ලොකු නිහඩ බවක්...

" උබට මොනාද ඕනි උපන්දිනේට..."

එශාන් එකපාටම අහද්දි මන් ගැස්සිලා වගේ එයා දිහා හැරුන..

"මොකක්..."

"මොකක් නෙවෙයි බන්.. උබට මොනාද උපන්දිනේට ඕනි...."

"මට මොකුත් එපා බන්..."

"එහෙම හරියන්නෙ නෑ.. මන් උබේ උපන්දිනේ දවසෙ ඉදියෙත් නෑ විශ් කරෙත් නෑ ඒක නිසා උබ ඉල්ලන දෙයක් මන් ගෙනත් දෙනව එච්චරයි කතාව..."

එශාන් කියාගෙන යද්දි තමා මට ආයිමත් මේකගෙ මුරන්ඩු කම ගැන මතක් උනේ.. කිව්වොත් කිව්වම තමා පුදුම නස්පුක් ඩයල් එකක් මේක..

මන් මගෙ හිතෙන්ම හිත හිත කට වහන් ඉදිය..

" කියපන් ඉතින්  මොනාද ඕනි උබ දන්නවනෙ මගෙ ජෝක් නෑ කියල.."

අනේ මන්ද මට ඒ වචන ගලපන්න තේරුනේ නෑ.. මොකක් හරි හේතුවක් නිසා ඒ වචන වල පොඩි දැඩි බවක් තිබ්බ ඒත් එක්කම අමුතුම වෙනස් හැගීමක් තමා ඒ වචන වලින් මට දැනුනෙ..

දැනෙනා තුරු...Where stories live. Discover now