දැනෙනා තුරු...06

1.5K 295 20
                                    

දැනෙනා තුරු..6

" එශාන්..."
මන් තව පාරක් කතා කරත් කිසිම සද්දයක් නැති නිසා මන් හිමින් සැරේ කාබරේ දොර ඇරන් ඇතුලට ගියා..

කාබරේ හොදටම හැඩිවෙලා..
හැම තැනම පොත්.. ඇදත් එක්කම කොනේ තියන මේසෙ ලග තියන පොත් මේසෙ ලග එශාන් ඉදිය නිසා මන් එතනට ගියා..
ඒත් එයාගෙ කිසි සද්දයක් නෑ.. ඒක නිසාම මන් තවත් ටිකක් එයාට ලන් උනා ..
මන් එතකොට තමා දැක්කෙ එශාන් පාඩන් කර කර ඉදපු පොත උඩම හොදට නිදි කියල..

කන්නාඩි  දෙක තවමත් ඇස් වල් රැදිල තියන විදිහ දැක්කහම නම් මට හිනා.. එශාන් සාමාන්‍යයෙන් කාටවත් පේන්න කන්නාඩි දාන්නෙ නෑ ඒත් පාඩන් කරන වෙලාවට නම් දානව..
ඒ කන්නාඩි දෙක දැන්මහම තියන අමුතුම ලස්සනට මන් හැමදාමත් ආස කරා.. මොකද මටත් අහම්බෙන් තමා ඒක දවසක් දකින්න ලැබුනෙ.

මන්  ආව දේ අමතක උනා වගේ එශාන්ගෙ දිහා බලන් ඉදියෙ එයාට නොදැනෙන්න..ඇත්තටම මට එයාව ඇහැරවන්න හිතුනෙ නෑ.. ඒත් මට එයාට ලන් වෙලා ඒ නලලට වැටිල තියන කෙස් ටික අයින් කරල නලලට කිස් එකක් දෙන්නනම් ලොකූ උවමනාවක් දැනුන.. ඒත් මන් අමාරුවෙන් මගෙ හිත ඇතුලෙ ඒක හිර කරගෙන එයාට ඇහැරවෙන්නෙ නැති  වෙන්න නහය උඩ රැදිල තිබ්බ කනාඩිය අයින් කරල මේසෙ උඩින් තියල එහෙමම කාමරෙන් එලියට ගියෙ මගෙ හැගීම් පාලනය කරගන්න කියල මගෙ හිතට කෑ ගහන ගමන්මයි..

....................................................
කුස්සියට ගිය මන් ගෑස් එක ඔන් කරල වතුර එකක් රත් වෙන්න තියල ගෙනල්ල තිබ්බ නූඩ්ල්ස් එකක් අරගත්තෙ ලොකු දේවල් හදන්න කම්මැලී නිසා..

නූඩ්ල්ස් එක තැන්බෙනකම්  එලවලු ටික කපල මන් අනික් ටික හදාගත්ත උයල පිහල පුරුද්ද තියන නිසා මට උයන්න වෙලා ගියෙ නෑ.. අනික හොදම දේ උනේ උයන එකට අවදානයෙන් ඉදපු නිසා කලින් මගෙ හිතේ පිස්සු නටපු හැගීම් ටික ටිකක් අමතක වෙලා ගිය එක...

" සදුන්...."

"ආ උබ නැගිට්ටද.. මන් ඇහැවන්න එන්න ඉදියෙ..."

"නින්ද ගියා බන් පොඩ්ඩක් ...උබ මොකද කරන්නෙ..."

"මන් ඉව්ව වරෙන් කන්න..."

"අඩේ.. මන් බඩගිනි වෙලා තමා ආවෙ.. කමු කමු.."

එශාන් පොඩි එකෙක් වගේ කියන ගමන් කුස්සියෙම තිබ්බ පොඩි මේසෙ පුටුවක් ඇදල වාඩි වෙද්දි මන් පිගානක් අරන් එයාගෙ ඉස්සරහින් තියල හදපු නූඩ්ල්ස් එකත් එතනින්ම තිබ්බ...

දැනෙනා තුරු...Where stories live. Discover now