දැනෙනා තුරු...32

1.5K 274 14
                                    

දැනෙනා තුරු....32


"හ්ම්ම්ම්.... අපිට ඕන තරම් වෙලාව තියනව ඉතින් කියපන්කො...."

මලීශ අයිය කාර් එක පාරෙ පැත්තකින් නවත්තල කියද්දි මන් ලොකු හුස්මක් අරන් මන් දාන් ඉන්න සීට් බෙල්ට් එක ගලවල කාර් එකෙන් බැස්ස...

මන් කාර් එකෙන් බැහැල ටිකක් වෙලා යද්දි මලීශ අයියත් කාර් එකෙන් බැහැල එලියට ඇවිල්ල මගෙ ලගින් හිටගත්ත..
අපි ඉදපු හරියෙන් වාහනයක් ගියෙ ගොඩාක් කලාතුරකින් ඒක නිසාම ඒ තැන ලොකු නිදහස් ගතියක් දැනුන අනික් එක එතන තිබ්බෙ ලස්සන..

ටිකක් වෙලා අපි දෙන්නම සද්ද නැතුව ඔහේ එතනට වෙලා ඔහේ බලාගෙන ඉදිය...

" මුලින්ම මන් දෙයක් කියන්න ඕනි අයියෙ.. මන් දන්නෙ නෑ මන් මේ කියන දෙයින් පස්සෙ ඔයා මාව එශානව කොහොම ජජ් කරයිද කියල මන් ඒ රිස්ක් එක තියාගෙන ඔයාට මේ දේවල් කියන්නෙ...."

"ඒයි මන් කවදාවත් උබව ජජ් කරල නෑ මල්ලො..මොන දේ උනත් එහෙමයි.."

"හ්ම්ම්..
ඔයා ආදරේ කරල තියනවද අයියෙ...."

" ඒකට උත්තරයක් ඕනිමද..."

මලීශ අයිය හොර පූසා වගේ හොර බැල්මක් දාන ගමන් කියද්දි මට හිනා..

" නෑ ... හි හි...
ඒත් මන් දන්නව උබ ආදරේ කරපු මනුස්සයෙක් කියල..
මමත් එහෙමයි අයියෙ... මීට අවුරුදු ගානකට කලින් මමත් කෙනෙක්ට ආදරේ කරන්න ගත්තා... ඒත් නොලැබෙන බව දැනගෙන මන් ඈත් උනා.. අනේ මනද පූරුවෙ කරපු මොන කරුමෙකටද කියල මගෙ පලවෙනි පත්වීම ලැබිල මන් නුවර ඉස්කෝලෙකට උගන්වන්න ආව.. ඒ ආවහම අපි ආයි මුනගැහුන.."

" ඊට පස්සෙ..."

"ඊටපස්සෙද ..ඊටපස්සෙ මන් බෝඩිමක් හොය හොය ගිහිල්ල නතර උනේ එයා ඉදපු ගෙදරමයි.. "

"හ්ම්ම්ම්..."

" අපි අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ඒ ගෙදර ඉදිය අයියෙ... මන් ඈත් වෙන්න හදපු ඒ කෙනා මට මගෙ ජීවිතයෙන් ඈත් කරන්න බැරි තරමට ලන් උනා..ඔක්කොටම වඩා මන් ඒ මනුස්සයට පිස්සෙක් වගේ ආදරේ කරා... ඒත් මන් කවදාවත් ඒක කිව්වෙ නෑ මොකද මට බය හිතුන ඒ  යාලුකම මට නැතිවෙයි කියල.."

දැනෙනා තුරු...Where stories live. Discover now