දැනෙනා තුරු ...29

1.6K 286 21
                                    

දැනෙනා තුරු...29

" ඒ කියන්නෙ උබ මට ආදරේ කරේ ඒ දවස් වල විතරද..."

එශාන් එක පාරටම මන් කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් අපහු නිසා...

" කෝ මගෙ දිහා බලපන් සදුන්...ප්ලීස්ම් ,මන් දිහා බලපන්..."

එශාන් දෙතුම් පාරක්ම කියද්දි මන් යාන්තම් ඔලුව උස්සල එයා දිහා බැලුව.. එයා හිනාවෙනව.. ඒ ගමන්ම ඇස් වල කදුලු පිරිල ...

"  කියපන් සදුන්.. උබ දැන් මට ආදරේ නැද්ද....."

එශාන් ආයිමත් ඇහුවත් ඇත්තටම මට දෙන්න උත්තරයක් නෑ.. මොකද අමුතුවෙන් ඒක කියන්න දෙයක් නෑ.. සදහටම උබ තමයි මගෙ එකම ආදරේ.. මගෙ ජීවිතේ... මගෙ හැමදේම... මන් කොයි තරම් ඈත් වෙලා ඉදියත් ඒකෙ වෙනසක් නෑ.. තවමත් උබ විතරමයි මේ පපුවෙ ජීවත් වෙන්නෙ...

මන් එශාන්ගෙ ඇස් දිහා බලාගෙන අගෙ හිතෙන් මටම කියාගත්ත   ඒ වෙලාවෙ එයා  මන් දිහා ටිකක් වෙලා බලන් ඉදල මගෙන් ඇස් අහකට අරගත්තේ කතා කරන ගමන්මයි..

" ජීවිතය අමුතුම දෙයක් බන්... අපි ලගින් ඉන්න මිනිස්සු අපෙන් ඈත් උනහම තමයි අපිට දැනෙන්න පටන් ගන්නෙ ඒ මිනිස්සු අපේ ජීවිතේ කොයි තරම් නම් ලොකු කොටසක් වෙලා ඉදලද කියල...හැබයි ඒ වෙද්දි අපි පරක්කු වැඩී..."

එශාන් එහෙම කියන ගමන් මගෙ ඉස්සරහින් බිමින් හොදට වාඩි වෙද්දි මන් ඒ විදිහටම ඉදන් බලන් ඉදියෙ එශාන් මොකද්ද මේ කියන කතාව කියල..

" උබ මුලින්ම මාත් එක්ක නුවර ඇනෙක්ස් එකේ නවතින්න ආව දවසෙ අවන්කෙන්ම මන් පුදුම විදිහට සතුටු උනා බන්.. එකක් මට තනියම ඉන්න ඕනි නොවෙන නිසා.. අනික උබව මගෙ ගොඩාක් ලගින් දැනුන නිසා...
පහන් මගෙ හොදම යාලුව තමයි බන් ඒත් පහන් ලග නැති මොකද්ද අමුතුම අහින්සක කමක් මන් උබව දැක්ක මුල්ම දවසෙ ඉදන් මට දැනුන.. අනේ මන්ද ඒ අමුතුම හැගීම මට අමුතුම නිස්කලන්ක බවක් ගෙනාවෙ බන්..ඒක නිසාම උබ මාත්  එක්ක නවතින්න ආව එකට මන් ගොඩක් ආස කරා..

උබ මගෙ ජීවිතයට එනකම් මන් දැනන් ඉදියෙ නෑ ජීවිතය බෙදාගන්නෙ කොහොමද කියල ඇත්ත මන් ශශී එක්ක යාලු වෙලා ඉදිය අපි ආදරේ කරා ඒත් මන් කවදාවත් දැනන් ඉදියෙ නෑ බන් ජීවිතය බෙදාගන්න අනික ශශී ලගදි මට එහෙම උවමනාවක් දැනුනෙ නෑ...
ඒත් උබ මාත් එක්ක නවතින්න අහම.. උබ මන් වෙනුවෙන්ම උයනව දැක්කහම උබ ගෙවල් අස්කරල මන් එනකම් බලන් ඉන්න විදිහ දැක්කහම.. උබ උයන කෑම මන් රස කර කර කනව බල බල උබ සතුටු වෙනව දැක්කහම මට හැම වෙලේම දැනුන හැගීම ගලපගන්න මට තේරුනේ නෑ බන්.."

දැනෙනා තුරු...Where stories live. Discover now