දැනෙනා තුරු ....23

1.5K 271 47
                                    

දැනෙනා තුරු....23

කාර්  එක නම් මට දැකල පුරුද්දක් නෑ අනික මේ වෙලාවට පහල තට්ටුවෙ ඉන්න අයියල ගෙදරත් නෑ   .. අනික එශාන් දන්න කවුරුත් වෙන්නත් බෑ..
මන් කාර් එක කාගෙ වෙන්න ඇද්ද හිත හිත ගේට් එක වහල දාල කාර් එක ලගට ගියා...

" මොකො උබ හොරගල් අහුලන්නෙ.. ඈ.."

එක පාරටම කාර් එක ඇතුලෙන් කටහඩක් ඇහෙද්දි මන් ගැස්සුනා...

" බූරුව .. මොන මෝඩයෙක්ද මන්ද වස්ස.."

හිනාවෙවී කාර් එකෙන් බහින කල්ප ලගට යන ගමන් කියද්දි කල්ප කාර් එකේ දොර වහල දැන්ම...

" ඉතින් මන් මක් කරාටද උබනෙ හොර ගල් අහුල අහුල ආවෙ..."

"උබට මන් කිව්ව කියල හිතාගනින් ගල්..."

"අම්මො සැර.. මේ අපි යමන්කො ගෙට එලියෙ සීතලයි..."

කල්ප අත් දෙක එකට අතුල්ලන ගමන් කියද්දි මන් එයාට ඉස්සට වෙලා පඩිපෙල නගින්න ගත්තෙ දොර අරින්න හිතන්...

" උබ කොහෙද බන් ගියෙ ..මන් ගොඩක් වෙලා දැන් ඇවිල්ල.. මන් කෝල් කරත් එක්ක..."

"මගෙ ෆෝන් එක ඕෆ් උනා බන්.. ඊයෙ චාජ් කරන්න අමතක උනා..."

"හරි කියපන්කො කොහෙද ගියෙ කියල.."

"ආ ඇයි මන් උබට කිව්වෙ අද එශාන්ගෙ කොන්වකේශන් එක .. ඒකට ගියා..."

"ආහ්.. ඒක තමා මන් බැලුවෙ කිට මරල කෑල්ල වගේ ගියෙ කොහෙද ගියෙ කියල...".

" අනේ නිකන් ඉදාන් බන් මන් කිට මරල ගිය මගුලක් නෑ... එතනට ඩෙනිමක් ගහන් යන්න කියලද උබ කියන්නෙ.."

"නෑ නෑ ඉතින් මන් කියන්නෙ උබ කෑල්ල වගේ කියල.. ඇත්තටම  උබ වගේ එකෙක්ට කොල්ලෙක් නෑ කියන එක තමා අවුල බොල.. ඇත්තටම ඔය කිව්වට අරූ යාන්තම් වත් බයිසෙක්ශුවල් නම් උබේ තියන ලස්සනට අනිවා මේ වෙද්දි උබේ පස්සෙන් වැටිල..."

කල්ප එච්චර නොහිත කිව්වත් මට ටිකක් ඒඑකට අවුල් ගියා...

" අපි ඒ ගැන කතා නොකර ඉමු බන්..."

මන් දාගෙන ඉදපු ටයි එක ගලවල දාල අත් දෙක උඩට උස්ස්න ගමන් කල්පට කියල කුස්සිය දිහාට ගියෙ කල්පට බොන්න මොනාහරි හදන්න..

දැනෙනා තුරු...Where stories live. Discover now