දැනෙනා තුරු ...24

1.5K 283 66
                                    

දැනෙනා තුරු....24

" සදුන්.. මම බදිනව බන්...."

එශාන්ගෙ වචන මගෙ ඔලුව පුරා එක දිගටම දෝංකාර දෙද්දි මට ලොකුවටම දැනුනෙ ඒ වචන වල තිබ්බ සතුට  ඒ වගේම ඒ වචන වල තියන ලැජ්ජාශීලී නොසන්සුන් බව.. ඒක මට දැනෙනවත් එක්කම මට තේරුනා එයා බදින එක ගැන ලොකු සතුටකින් වගේම ලොකු උනන්දුවකින් ඉන්නව කියල..
මගෙ හදවත් තවත් කඩාගෙන වැටෙද්දි මට මතක් උනා මන් බලාපොරොත්තු උනේ මේක නේද කියල..
උබේ සතුට වෙනුවෙන් මන් ඕනි දෙයක් කරනව..
මන් හැමදාම එශාන් ලගදි මට කියාගත්තෙ ඒක..
මන් ඒක ආයි ආයිම මගෙ මතකෙට ගන්න ගමන් හිතේ තියන දුක පිටතට යන්තම් වත් පෙන්නනෙ නැති වෙන්න පුලුවන් තරමින් හිනාවෙන ගමන් එශාන් දිහාට හැරුන...

" සුබපැතුම් බන්...

"තෑන්ස්ක් බන්...."

එශානුත් මන් දිහා බලන ගමන් කියද්දි මගෙ හිත  අඩා වැටෙන්න ගත්තා....

" දැන්.... දැන්... කවදද වෙඩින් එක..."

මගෙ වචන කටින් පිටකරගන්න පවා මට ලේසි උනේ නෑ ඒක් මන් ඒක අමාරුවෙන් කරා...

" ලබන මාසෙ නෙවෙයි ඊලග මාසෙ .. විසි දෙක..."

"ම්ම්ම්.. ඉක්මනටම.. .."

"ඔව් බන්.. තව බලන් ඉන්න උවමනාවක් නෑනෙ.. අනික මම හදිස්සි කරනව නෙවෙයි.. අපේ ගෙවල් වලින් තමා කතා කරගත්තෙ දවස්...."

එශාන් කියල නවත්වද්දි මන් එශාන් දිහාම බලාගෙන ඉදියෙ හැම විස්තරයක්ම දැනගන්න.. ඇත්ත මට රිදෙනව තමා.. ඒත් කමක් නෑ.. මන් ඒක ඉවසනව මොකද මන් මේදේ දැන දැනම තමා මෙහෙ ඉන්න තීරනය කරේ...

" අපේ තාත්ත මාව ගෙදට එක්ක යන්න එච්චර කරදර උනේ ඒකයි මන් හිතන්නෙ... මන් යද්දි ඔක්කොම ප්ලෑන් කරල.. අපි ඉතින් ශශීලගෙ ගෙදර ගියා.. ඔක්කොම හදිස්සියෙ උන නිසා උබට කියන්න බැරි උනා බන් මන් උබවත් එක්ක යන්න ඉදියෙ ..."

ඇත්තටම මන් ඒ මොහොතෙ නම් මගෙ දයිවයට ස්තූති කරා...මොකද මේ වෙන දේවල් අහල මන් මෙහෙම දුක් වෙනවනම් එතන ඇත්තටම ඉදියනම් මන් කොයි තරම් විදවයිද කියල මට හිතාගන්න බෑ

" මන් පහන්ව ඇදන් ගියෙ ඉතින්..මමයි පහනුයි අපෙ තාත්තයි ලොකු අම්මයි මහප්පයි...
අපි ශශීලගෙ ගෙදර ගියා.. එයාල ඉතින් ටිකක් සාම්ප්‍රදායික පවුලක්නෙ චාරිත්‍ර ටික කරා.. එයාලම කේන්දර බලවල තිබ්බ ඒවත් මැච් වෙනව කිව්ව.. එයාලම දිනත් කතාකරගත්ත.. මට තිබ්බෙ හා කියන්න විතරයි..අපි දෙන්නටම දැන් 27 වෙනවනෙ බන්.. මන් හිතන්නෙ මමත් තනිකඩව ඉදිය ඇති කියල ඉතින් මම හා කිව්ව....."

දැනෙනා තුරු...Where stories live. Discover now