දැනෙනා තුරු ...31

1.6K 282 23
                                    

දැනෙනා තුරු...31

මන් මුලින්ම් දෙපාරක් විතර ඕනි නෑ කිව්වත් එශාන් මගෙ පස්සෙන්ම වැටිල ඉවරයි.. එයා මගෙ පස්සෙන්ම ඇවිල්ල මූන හෝදන් එන්නම් කියල බාත් රූම් එකට යද්දි මන් කුස්සියට ගිහිල්ල හීටරේට වතුර එකක් රත්වෙන්න තිබ්බෙ සීතල යන්න එක්ක කෝපි එකක් බොන්න.. ඇත්තටම පාන්දරට මෙහෙ පට්ට හීතලයි...
මන් එහෙම හිත හිත රයිස් කුකර් එක සෝදල හාල්ටිකක් අරගෙන සීතලේ ගැහි ගැහි ටක් ගාල සෝදල ඒක ඉදෙන්න තිබ්බ...
වතුර අල්ලපු නිසා මට සීතල  ඩබල් වෙලා වගේ දැනුනෙ..  මන් ජර්සි එකේ සාක්කු වලට අත් ඔබාගන්න ගමන් මටම කියාගත්තා...

මන්  මෙහෙ ඇවිල්ල බඩු  ගන්න ගියහම මග් තොරද්දි මග් දෙකක්ම ගත්තෙ ඒ මග් වල තිබ්බ අමුතු ලස්ස්න නිසා ඒත් මන් නිකන් වත් හිතුවෙ නෑ ඒ ගත්ත මග් එකක් එශාන්ට දෙන්න දෙන්න වෙයි කියල...

මන් හිත හිත කෝප්ප වලට සීනියි කෝපියි දාල වතුර නටනකම .බලන් ඉදිද්දි මට දැනුන එශාන් පිටිමපස්සෙ ඇවිල්ලා මගෙ ඇග වටේ අත් යවල මාව තුරුල් කරගන්නව... එක පාරටම උන දේ මන් බලාපොරොත්තු උනේ නෑ ඉතින් මාව ගැස්සිලා ගියා....

"මොනා කරනවද මන්ද තව පොඩ්ඩෙන් මග් එකත් වැටෙනව..."

"හී....හීතලයි බන්..."

"මන් ඒකනෙ කිව්වෙ  ඇදට වෙලා ඉන්න කියල ටිකක් මෙහෙට හුරු වෙන්කම් ඔහොම තමා ...."

"ඒත්... උබ තනියමනෙ..."

"මන් අදක ඊයෙක ඉදල නෙවෙයි බන් තනියම වැඩ කරන්න පුරුදු උනේ.."

" මට සමාවෙයන් බන්..මන් පොරොන්දු උනානෙ මගෙ වැරදි හදාගන්න්නව කියල.. අනේ ඒක නිසා මාව එලවන්න එපා බන්... උබට මෙහෙම තුරුල් වෙන්න..උබේ උනුහුම විදින්න මන් ආසයි බන්...ප්ලීස් මාව එලවන්න එපා ..."

එශාන් කියද්දි මන් සද්ද නැතුවම රත්වෙලා ඉවර උන වතුර අරගෙන කෝපි දෙකක් හැදුව..

" ම්ම්... මේක බොන්න..."

" තෑන්ක්ස් ...."

" මොනාද උයන්නෙ.. එලවලුනම් වැඩිය නෑ මට ගේන්න බැරි උනා..."

"මොනාහරි හදමු සදූ..."

"කන දෙයක් කියන්න ඉතින් ..."

දැනෙනා තුරු...Where stories live. Discover now