🥀 දෙවැනි දිගහැරුම ......

2.8K 531 221
                                    

🥀🥀 MY ANTIFAN 🥀🥀 ........

යීබෝ නිවසින් පිටවී විදුලි සෝපානය අසලට ආවේය .... ලෙලේ සහ රියදුරු ඉක්මනින් ඔහුට ඉඩ වෙන්කර දුන් අතර් දෙදෙනාම මැදින් යීබෝ හිටගත්තේය ... ෂැංහයි වල අති අති සුඛෝපභෝගී මහල් නිවසක් හයවෙනි මහලේ පිහිටා ඇති යීබෝගෙ නිවස එම සංකීර්ණයේම ඇති මිල අදිකම නිවසයි...

යීබෝ නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණි වහාම ඔහුගේ රථයෙන් අසුන් ගත්තේ වාහනය අසල රැඳී සිටි ඔහුගේ රසිකයන් දෙසවත් බැල්මකුදු නොහෙලාය... උදෑසනම සිදුවූ සිදුවීමත් සමග ඔහු සිටින්නේ කේන්තියෙන් වන අතර එලෙසින් රසිකයන් දෙස බැලීම ඔහුගේ ප්‍රතිරූපයට හානියක් වනු ඇතැයි ඔහු සිතුවේය...

ලෙලේත් ඉක්මනින් ඉදිරිපස අසුනට බර වූ අතර රියදුරු ෆෙයි රථය පණගැන්වූයේ ලෙලේ දෙස බලාගෙනමය ...

" බේබි..... අපි ස්ටුඩියෝ එකට ගිහිල්ලා ම යනවද නැත්නම් කෙලින්ම ඕෆනේජ් එකට යනවද ....."

රියදුරාගේ ගැටලුව ලෙලේ යීබෝට ඉදිරිපත් කලේය...

" ස්ටුඩියෝ ...."

යීබෝ දුරකතනය දෙස බලාගෙනම කෙටි පිළිතුරක් දුන්නේය .... එම පිළිතුරෙන් සෑහීමකට පත්වූ රියදුරු ෆෙයි අධිවේගී මාර්ගයෙන් ගමන ආරම්භ කළේය .....

යීබෝ මේ සිටින්නේ වෙයිබෝ වල ඔහුගේ අනිසි පින්තූර පළකරන ගිණුම පරීක්ෂා කරමිනි.... බලාගෙන සිටින විට එහි ෆලෝවස් ප්‍රමාණය වැඩි වන අතර කමෙන්ට් ද කුජීත ලෙස සටහන්වී ඇත...

වන්ග් යීබෝ කන්නෙ නැද්ද බං....

වන්ග් යීබෝ හොදට නහය සුද්දකරගන්න...

වන්ග් යීබෝ බලාගෙන බ්‍රේක් නැති මැස්සො යයි ඔය කටට......

යීබෝ දුරකථනයෙන් දෙනෙත් ඉවතට ගෙන වීදුරුවෙන් පිටත බලා හිදින්නට පටන් ගත්තේ තම සිරුරෙහි රුධිර පීඩනය ඉහළ යන බව දැනුණු නිසා ..

' මූට නං අමතක නොවෙන පාඩමක් අනිවාර්යෙන්ම උගන්නන්න ඕනේ .... මිනිස්සු දාල දාලා තියෙන කමෙන්ට් වලට මූ හාර්ට් රිඇක්ට් පවා දාලා... මොකා හරි මොකී හරි නටන්නෙ තව ටික දවසයි...... හිටපං මං උඹව පිටි මෝලියක් වගේ අනනවා...... ඒ දාලා තියෙන පොටෝ වල කැත..... මීට පස්සෙ කොතැනට ගියත් කිසිම වැරැද්දක් නොකර ඉන්නෝනෙ ....'

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now