🥀 දාහත්වෙනි දිගහැරුම .......

2.6K 537 240
                                    

🥀🥀  My ANTIFAN 🥀🥀 .........

" යමුද....."

ජාන් සෝපාව මත වාඩිවී හා යැයි කියන්නට හිස සැලුවේය .... දෙදෙනාම කැබින් එකෙන් එළියට එන්නට සූදානම් ඌවත් එක්වරම ..... කාර්‍යාලයේ දොර අසල...............................................................................................

**

ලෙලේ හතිදාමින් සිටියේය ...

" ඇයි ලෙලේ......"

යීබෝ එසේ අසද්දී සපත්තු දෙක දාගෙන අවසන්වූ ජාන් යීබෝ අසලටම ආවේය ...

" හරි වැඩේනෙ බේබි...."

ලෙලේ කලබලයෙන් කීවේය ...

" ඇයි ඒපාර මොකක්ද වෙලා තියෙන්නෙ   ...."

" යැංසි මැඩම් එන්ගේජ් වෙන දවස කියලා වීඩියෝ එකක් වෙයිබො අප්ඩේට් කරලා....  අන්න ස්ටූඩියෝ එක ඉස්සරහා මීඩියා කාරයෝ පිරිලා..... දැන් ජාන් බේබි එක්ක එළියට ගියොත් ලොකු අවුලක් ...."

ලෙලේ එසේ කියද්දී ඇතිවුනු තිගැස්ම නිසා ජාන් යීබෝගෙ අතකින් අල්ලාගත්තේය ... ඒ ස්පර්ශයට යීබෝත් තිගැස්සී ගියත් පිටත පවතින තත්ත්වය හමුවේ කරන්නේ කුමක්දැයි සිතාගන්නට නොහැකිව කල්පනා කරන්නට පටන්ගත්තේය ....

" බේබි.... ඔයා ඇතුලට එනවා එයාලා දැක්කා .... අනෙක studio එක වහලා තියෙන වෙලාව ජාන් බේබි එක්ක දැන් එලියට ගියොත් ඒක ප්‍රශ්නයක් ..... ඒකනේ ඔයා අපි දැන් එයාව මෙතන තියලා මුලින්ම එලියට යමු .... මීඩියා වලින් අහන ප්‍රශ්න වලට උත්තර දීලා... එපාර්ට්මන්ට් එකට යන පාරට දාලා අනිත් පැත්තෙන් ආපහු එමු ... හැබැයි පැය දෙක තුනක් පරක්කු වෙලා ...."

මේ මොහොතේ තිබෙන එකම විසඳුම ලෙලේ විස්තර කලේය ... යීබෝ අසරණ ලෙසින් ජාන් දෙස බැලුවේය ...

"එහෙම කරමු....... අවුලක් නෑ මම ඉන්නම්....."

ජාන් කීවේය ..

" මීඩියා වලින් මෙතනට එන්න මොකක් හරි හේතුවක් තියෙනවා  ...මොකද වෙනදට ඔය වගේ නිවුස් එකක් කියපු ගමන් කට්ටිය එකතු වෙන්නෙ මගේ එපාට්මන්ට්  එක ඉස්සරහට ... මම දන්නවා කවුද මේ ගින්න අවුළුවන්න ඇත්තෙ කියලා..... හරි අදට මම සද්ද නොකර යන්නම්කෝ ...."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now