🥀 තිස් හත්වෙනි දිගහැරුම ....

2K 435 180
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ...............

ලන්ඩන් අහස පුරා තාරුකා ඉහිරී අමුතු රටා මවමින් තියෙද්දී ඔවුන් ගුවන්තොටුපලින් පිටත්වී එක්තරා හෝටලයකට පැමිණියේය ...

" මෙහෙ ඉදලා මමාලා ඉන්න දිහාට පැය පහක් ටුටූ...දැන් මහන්සි නිසා අපි නිදාගමු ... හෙට උදෙන්ම යමු ...."

ජාන්නම් සිටින්නේ ගමන් විඩාව නිසා මත්වී මෙනි....ඔහුටත් දැන් අවශ්‍ය වී ඇත්තේ සුව පහසුව දෙනෙත් පියාගන්නටයි..... ඉතින් ඔහු හිස පමණක් සොලවමින් යීබෝ සමඟින් හෝටලයට ඇතුල්විය ...

" යන්න වොෂ් එකක් දාගෙන එන්න..මම කෝල් එකක් අරගෙන එන්නම්..."

කාමරයෙන් පිටතට ඇති බැල්කනියට ගොස් යීබෝ ඇමතුමක් ගත්තේය ... ජාන් ඉක්මනින් වොෂ් එකක් ගෙන ඇදට ආවේ ඔහුට දැන් නින්ද තදින්ම අවශ්‍ය නිසාවෙනි .. කෙසේහෝ නින්දත් නොනින්දත් අතර යීබෝ ඔහු අසලට එනවා ජාන්ට දැනුනි..... පුරුදු උණුසුම් පපුවට ඔහු ඇදී ගිය අතට යීබෝ ජාන්ගේ හිස යටින් අත යවා ඔහුව තවත් වැළදගන්නා අයුරු ජාන්ට දැනුනේය... ඔහු අඩනින්දේම ඒ පපුවෙහි මුහුණ එහෙ මෙහෙ කර පහසුව සොයාගත්තේය ...

" මගේ ටුටූ මැණික ....... "

,නලල් තලයට දැනුනු හාදුවක්ද සමගින් ජාන්ගෙ සුව නින්ද ඒ උණුසුමේම ඔහු අසලට ආවේය ....

🌞🌞🌞🌞🌞

මුලින්ම ජාන් අවදිවිය..... ලන්ඩන් අහසටත් සෙමින් සෙමින් හිරු පායමින් තිබුනි...හෝටල් කාමරයේ බැල්කනියට ගිය ජාන් ජීවිතයේ පළමු වරට විදේශයකදී හුස්මක් ගත්තේය ...

තවමත් නැගෙමින් තිබෙන සූර්‍යාලෝකයෙන් ලන්ඩන් නංගරය අපූරුවට වර්ණවත් වෙමින් තිබුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තවමත් නැගෙමින් තිබෙන සූර්‍යාලෝකයෙන් ලන්ඩන් නංගරය අපූරුවට වර්ණවත් වෙමින් තිබුනි ... ඔවුන් නැවතී සිටින හෝටලය තිබෙන්නේ ගුවන්තොටුපල ආසාන්නයේම බව ජාන් සිතුවේය ... ඊට හේතුව ඔවුන් එතැනින් කැබ් එකට නැගී හරියටම විනාඩි දහයකින් පමණ හෝටලයට පැමිනි නිසාවෙනි....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now