🥀 විසිහතර වන දිගහැරුම ....

2.7K 502 216
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ......

🌞 🌞🌞🌞🌞

ඉරිදාවටත් හිරු උදාවිය.... සිරුරට දැනෙන වේදනාවක් සමඟ ජාන් දෙනෙත් හරිද්දී වේදනාව පරයා වතට දැනුනු උණුසුමක් නිසා ඔහු සෙමින් සෙමින් හිස ඔසවා බැලුවේය ..... තමන් සිටින්නේ මේ ලෝකයේ තමන් ඉන්නටම කැමති පපුව අස්සේ බව ඔහුට සිහිවූයේ එවිටයි .... සිරුරු දෙක තදින් වෙලී ඇති නිසා ජාන්ට හෙලවෙන්නට වත් නොහැකිය ... තමන්ගේ මුහුණ තියෙන්නේ යීබෝගෙ පපුවත් ගෙලත් අතර මැද බව ටිකවේලාවකින් ඔහුට තේරුම් ගියේය .....ඉතින් අද නිවාඩු දිනය බව යලිත් සිහිවූ නිසා ජාන් යලිත් ආශාවෙන් ටිකවේලාවක් දෙනෙත් පියාගෙනම එලෙසින්ම සිටියේය .... මේ සිටින්නේ තම ආදරවන්තයා පමණක් නොව දැන් තමන්ගේ ජීවිතයම බව ජාන් ඒ හදගැස්මට සවන් යොමුකරගෙනම කල්පනා කලේය....හැමදාමත් රිසිසේ මේ උණුසුම විදින්නට නොහැකිබව ජාන් දන්නේය...යීබෝ  නිතරම නඟරයෙන් පිටතට යයි..... සමහර ලොකේෂන් වල නවතින්නට සිදුවෙයි.... ඉතින් හැකි සෑම විටකම ඒ උණුසුම උපරිමයෙන් විදගන්නට ජාන් සිතාගත්තේය  ...

තවත් ටිකවෙලාවකට පසු හෙමින් හෙමින් යීබෝගෙ අත්පා ඇගෙන් ඉවත්කර ගත් ජාන් සෙමින් ඇදෙන් බැස්සේය  ..... පෙරදා නින්දට පෙර යීබෝ ලබාදුන් වේදනා නාශක පෙති දෙක නිසාත් රක්තවර්ණ වී තිබූ පිටුපස ආලේප කල මොනවදෝ ජෙල් එකක් නිසාත් අපහසුවෙන් උවත් ජාන්ට ඇවිදගන්නට පුලුවන් විය.... මුලින්ම නාන කාමරයට ගොස් පිරිසිදු වී wardrobe එක සෙමින් ඇරියේ ඔහුට අදින්නට ඇදුමක් සොයාගන්නටයි..... යීබෝ ජාන්ට වඩා උසින් සහ මහතින් වැඩි නිසා ඇඳුම් සියල්ලම  ජාන්ට ප්‍රමාණයෙන් වීශාල ඌවත් මේ මොහොතේ වෙන විකල්පයක් නොමැති නිසා ඉන් කමිසයක් ගෙන ආශාවෙන් ඇදගත්තේය .... කුඩා කලිසම් කීපයක් එහි තිබෙනු දැක ඉන් එකක් ඇදගත්තේය ... දැන් කලිසම නම් පේන්නේම නැත... කමිසයට එය වැසී ඇත.... එතැනම තිබුනු ස්ලිපර්ස් දෙකකුත් පයලාගෙන ජාන් කෙලින්ම මුලුතැන්ගෙයට ගියේය ....

වතුර උණුවෙන්නට තවා පිටුපස දොර විවරකල ජාන් උලුවස්සට හේත්තුවී මිදුල දෙස බලාගෙන කල්පනා කරන්නට පටන් ගත්තේය .... පැය කිහිපයක් ඇතුළත තමන්ගේ ජීවිතය වෙනස් වූ ආකාරය ඔහු කල්පනා කළේය ...කාලයක් තමන්ගේ ප්‍රියතම නලුවා .... ඉන් පසුව තමන් වැඩිපුරම වෛර කළ පුද්ගලයා .... ඔහු ගෙන් පළි ගන්නට සැලසුම් කල අයුරු.... අවසානයේ දැන් ඔහු තමන්ගේම ජීවිතය නොවේදැයි ජාන් කල්පනා කලේය ... මින් ඉදිරියට ගැටලුවක් දිහා එක් පසකින් පමණක් නො බලා සිටීමට ඔහු තරයේ සිතා ගත්තේය ....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now