🥀 දාහතර වන දිගහැරුම .......

2.6K 544 323
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ........


යීබෝ ජාන්ගේ අත්දෙක අල්ලාගත්තේය ..... ජාන් එක්වරම ඇඩීමත් කියැවීමත් දෙක්ම නවතා යීබෝ දෙස බැලුවේය ...හඩා රතුවී ඇති දෑස් යීබෝට මොනවදෝ කියන්නට හදයි ....

" මේ අහන්න ජාන් ..... මං කීයන එක හොදට අහගන්න ......"

ජාන් යීබෝගෙ දෑස් දෙස බලාගෙනම සිටියේය .... ඔහු හඩන්නේ නැතත් කොපුල් දිගේ කදුලු කඩා වැටෙයි....

" ඔයාව වැඩට ගත්තෙ මම මගෙ කැමැත්තට තේරුනාද . .."

යීබෝ නිවී සැනසිල්ලේ කතාකලත් ඒතුල තිබෙන්නේ කෝපයක් සහ විශ්වාසයක් බව ජාන්ට දැනුනි....

" දැන් මාත් එක්ක එතනට ගියාම සිද්දවෙන දේවල් දිහා බලාගෙන ඉදලා ඊට පස්සෙ තීරණය කරන්න ඔයා ඉන්නවද යනවද කියලා .. හැබැයි මම ජීවිතේ පළවෙනි වතාවට මේ කෙනෙක් ගෙන් ඉල්ලීමක් කරන්නෙ.... "

යීබෝ තවමත් ජාන්ගේ අත් දෙක අල්ලා ගෙන හිඳින අතර මද වේලාවක් නිහඬව සිට යළිත් ඔහු හඬ අවදි කළේය...

" පුලුවන් නං මගෙ ලඟින් ඉන්න.... යන්නෙපා......"

යීබෝ අපහසුවෙන් කීවේය ... ජාන් දෑස් විසල් කරගෙන යීබෝ දෙස බැලුවේය .... ඒවා දිලිසෙන බව ඔහුට තේරුනි..ඒත් සමගම වාහනය ස්ටුඩියෝ එක අසලට ආවේය ....

" එන්න...."

යීබෝ ජාන්ගේ අතකින් අල්ලාගෙන ඇතුලට ආවත් ප්‍රධාන පිවිසුම් දොර අසලදී ජාන් මදක් පැකිලුනේය .... බෙල්ලෙන් අල්ලා ඉවතට තල්ලු කර අයුරු ඔහුට සිහිවිය.....

" එන්න ඉතින්....."

ඔහුව තවත් කේන්ති ගස්සන්න ට අකමැති නිසා ජාන් අකමැත්තෙන් නමුත් යලිත් studio එක ඇතුලට පය තැබුවේය ... යීබෝ ජාන්ගේ අතින් අල්ලාගෙන ඔහුගේ කැබින් එකත් පසු කරගෙන තවත් ඉදිරියට ගියේය.... හැරන්ගේ කැබින් එක ඉදිරිපිට කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා හිටගෙන සිටින අයුරු ජාන් ඈත තියාම දුටුවේ ය ... සිදුවන්නේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිව ඔහු යීබෝ පසුපසින් ඇදී ආවේය ....යි හැරන්ගේ කැබින් එක අසලට එන විට සේවක සේවිකාවන් තරමක් පසුපසට උනි.... එවිට ජාන් හැරන්ගේ කැබින් එකෙහි වීදුරු දොරෙන් දුටුවේ යැංසි සහ ශෙරීන් ඒතුල සිටින බවයි.....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now