🥀 නවවෙනි දිගහැරුම ....

2.7K 553 146
                                    

🥀🥀 MY ANTIFAN 🥀🥀 .......

" කන්න .... බෙහෙත් බොන්න තියෙනවා ...."

යීබෝ ජාන් දෙස බලා සෙමින් කීවේය ... ජාන් හිස සොලවා යලිත් ආහාර ගත්තේය ...

" ජාන්..........."

යීබෝ ටික වේලාවකින් හඩ අවදිකලේය ...

ජාන් හිස ඔසවා යීබෝ දෙස බැලුවේය .....

" පොටෝ ග්‍රැපික් හොදට පුලුවන්ද .. "

යීබෝ ජාන් දෙස එක එල්ලේ බලමින් කීවේය ....

" හ්ම්ම්ම්ම්..... මම ඉගෙන ගෙන තියෙනවා ....."

ජාන් අපහසුවෙන් කීවේය ....

",ඒ ගැන ඉගෙනගෙන තියෙනවා නම් මොකද මේ රෙස්ටුරෙන්ට් ගානේ ජොබ් කරන්නේ ..."

යීබෝ තරමක් සැරෙන් ඇසුවේය ....

" ඩිග්‍රිය complete කරගන්න බැරි වුණ නිසා ....."

මේ තිබෙන්නේ බයක්ද ගෞරවයක් ද කියා කියන්නට නොදන්නා නමුත් යීබෝ ඉදිරියේ ජාන් සුවච කීකරු ලෙස හැසිරෙන්නට පටන්ගත්තේය .... නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙකු එකක් කියූ විට ඒකට දෙකක් කියන්නට හැකියාවක් ඔහුට ඇත ....

" දවල් වෙනකල් රූම් එකට වෙලා නිදාගන්න .... නැගිටලා ඇවිද ගන්න පුළුවන්කම තියෙනවා නම් කියෝට කියන්න ... එයා ඩ්‍රයිවර් කෙනෙක් අතේ ඔයාව ගෙදර යවයි .... හෙට උදේ නවයට මගේ ස්ටුඩියෝ එකට එන්න...."

ජාන් දෑස් විසල් කරගෙන යීබෝ දෙස බැලුවේය ...

" ඇයි මොකක්ද ප්‍රශ්නේ ...... "

යීබෝ සුපුරුදු හැඟීම් විරහිත පෙනුමෙන්ම ඇසුවේය ...

" නෑ ....... මුකුත් නෑ ... මම එන්නම් ...."

ජාන් යීබෝ වෙතින් දෙනෙත් ඉවත්කරගෙන කීවේය ..

" මමත් ෂූයෑන්ග් වගේ ඔයාව විකුණන්න නෙවෙයි එන්න කියන්නෙ ... තමුන් ඉගෙන ගත්ත දේට ජොබ් එකක් දෙන්න එන්නෙ කියන්නේ ...අනික උදේ පාන්දර ඉඳලා රෑ දොළහ වෙනකම් රස්සා කරන්න ඕන නෑ එතකොට ..."

යීබෝ එතැනින් නැඟිට උඩු මහලට ගියේය ... ඒත් සමගම ලෙලේ ජාන් අසලට ආවේය ..

" ලෙලේ......"

යීබෝ උඩුමහලේ සිට කතාකලේ ලෙලේ ජාන් සමඟ පෙරදා රාත්‍රියේ සිදුවූ සිදුවීම සාකච්ඡා කරන්නට සූදානම් වනවාත් සමඟ ම ය ....

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now