🥀 දහතුන්වෙනි දිගහැරුම ...

2.5K 553 172
                                    

🥀🥀 My ANTIFAN 🥀🥀 ......

🌞 🌞🌞🌞🌞

තවත් දවසක්..... ජාන් අවදිවිය....පෙරේදා රාත්‍රියේ මවගෙ සියලුම වැඩ අවසන් කල නිසාම ඔහු ඉක්මනින් සූදානම් විය.. මව බලාගන්නා නී ආන්ටී උදැසන ආහාර ලබාදෙන නිසා ජාන් බින් සමඟින්ම පාරට ආවේය ... බින් පයින් යායුතු අතට ජාන් බස් එකක යා යුතුය ... ඉතින් බින් සමුගත්තේය ... වෙනදා ඔහේ ඩෙනිම් කලිසමකට කමිසයක් ඇඳගෙන රැකියා තුනක් සදහා පිස්සුවෙන් දුවන ජාන් දැන් අලංකාර ලෙස සූදානම් වී නිවී සැනසිල්ලේ රැකියාවට යන්නේය... බසයක් එනතුරු පාරේ එහාකොන බලා කල්පනාවේ සිටි ජාන් කවුරුන්හෝ උරහිසට අත තියද්දී ගැස්සී ගියේය ...

" අර වාහනෙන් ඔයාට කතාකරනවා...."

එතැන සිටි පාසල් සිසුවෙක් කීවේය .... ජාන් ඒ දෙස බලද්දී ලෙලේ වාහනයෙන් බෙල්ල එලියට දාගෙන අත වනනු දුටුවේය .... ජාන් දුවගෙන මෙන් එතැනට ගියේය ... පසුපස දොර ඇරගෙන යීබෝ අසලින්ම වාඩිවී ඒ මූණ දෙස බලා...

" Good morning සර්...."

යැයි කීවේය ...

" හ්ම්ම්..."

" good morning ලෙලේ අංකල් ...good morning ෆෙයි අංකල් ...."

දෙදෙනාම ඔහුට එසේම කීවේය .... ජාන් යලිත් යීබෝ දෙස බැලුවේය .... ඔහු දැන් දුරකතනය දෙස බලාගෙන ඉදී..... ඔහුගේ සුවඳ වාහනය පුරා විසිරී ඇත...

' මේ බුගියා මාර නපුරු අප්පා .... ඒත් එයා මං ගැන හොයනවනේ.....'

ජාන් ෂටර් එකෙන් පිටත බලාගෙන සිතුවේය ...

' මාව එක්කරගෙන යන්නත් ඇවිල්ලා ... එයා මං ගැන හිතනවා ...ඒත් හිනා වෙන්නෙ නෑනේ.....'

යලිත් ජාන්ට දුකක් ඇතිවිය... කෙසේහෝ ස්ටූඩියෝ එක අසලටම ඇවිත් තිබුනි..... තුන්දෙනාගෙන් කිසිවෙකුවත් වාහනයෙන් බැස්සේ නැත .... ජාන් සෝදා හරින්නට හදද්දිම ඔහු හඬ අවදි කළේය ....

" අද මට දවසම ෂූටින් ..... දවල්ට එන්න වෙන්නෙත් නෑ ... හවස මම එනකල් මගෙ කැබින් එකෙන් ඉන්න....."

ඔහු ජාන් අතට කැබින් එකෙහි යතුර දුන්නේය ....

" ඈහ්........ආ ...හා....හා......."

🥀🥀 MY ANTIFAN 🥀🥀 ( Yizhan ff Complete  ....)Where stories live. Discover now