⏳️01⏳️

198 32 50
                                    


"අනේ අදත් ළමයෙක් එතනින් පැනලද?"

"ඔව් ඔව්.. මන් නම් අපේ ලමයව ඒ පැත්ත පළාතේ වත් යවන්නේ නෑ..."

බස් එක එනකම් මග බලන් හිටපු හැමෝම කතා වෙන්නේ අපේ පැත්තෙ උන හත්වෙනි සියදිවිනසාගැනීම ගැන.මාසයක් තිස්සේ අපේ ඉස්කෝලේ ළග තියන පාලු බිල්ඩිමෙන් ගෑනු ළමයි පැනලා සියදිවිහානිකරගන්නවා. දැනට මේ හත්වෙනි එක.

ආපු බස් එකේ නැගලා මන් ඉස්කෝලේ ට ගිහින් අන්තිම පේලියේ වාඩි උනේ මට යාලුවෙක් කියන්න කවුරුත් ම නැති නිසා.

ලොකු හුස්මක් අරන් බෙල් එක වදිනකම් මේසේ උඩ ඔලුව තියන් හිටියේ පන්තියේ අනික් අය එයාලගේ යාළුවො එක්ක ඉන්නකොට මට එන ඊරිසියාව පාලනය කරගන්න බැරි නිසා..

"සූ, ඔයා ආයෙත් පන්තියේ නිදිද? නැගිටිනවා ළමයෝ.."

මගේ ඩෙස් එක ලගින් ඇහුන කන් පුපුරන සද්දේ නිසා ඇහැරුන මන් දැක්කේ මුළු පන්තියම මන් දිහා හිනා වෙවී බලන් ඉන්නවා... ඊටපස්සේ මන් දැක්කේ මගේ ඩෙස් එක ළග හිටපු මැඩම් මොනිකව.

"සොරි මැඩම් මට නින්ද ගියා..."

බෙල්ලත් අත ගගා මන් කියනකොට මැඩම් මොනිකා මට රවලා ආයෙත් වැඩ පටන් ගත්තා... පැය දෙකක් විතර යනකොට මැඩම් මොනිකා ගේ අවධානෙ දොර පැත්තට ගියා..

මැඩම් මොනිකා ආයෙමත් පන්තියට එනකොට ඒත් එක්කම අලුත් ළමයෙක් පන්තියට ආවා...

"ළමයි අද අපිත් එක්ක අලුත් ළමයෙක් එකතු වෙනවා..ජේ ඔයා ගැන ළමයි ට කියන්න.."

පොඩි හිනාවක් ගත්ත අලුත් ළමයා මන් දිහා බලලා ආයෙමත් ඉස්සරහ බලාගෙන කතාව පටන් ගත්තා..

"මන් ජේ.. මන් කලින් හිටියේ වෙන්ෂු හය් ස්කූල් එකේ.. තව කියනව නම් මන් කැමති ඔයාලත් එක්ක එකට වැඩ කරන්න. ඉතින් මන් හිතනවා ඔයාලා මාත් එක්ක එකට හොදින් වැඩ කරයි කියලා..."

පන්තියේ හැමෝම අත්පුඩි ගහලා අලුත් ලමයව පිළිගන්නකොට මැඩම් මොනිකා ඒ ළමයට ඉදගන්න කිව්වා.. ඉස්සර පේළිවල කොච්චර පුටු හිස් තිබ්බත් ඒ හැමදේම පහු කරන් ඒ ළමයා මන් ලගින් ඉදගත්තා...

"හායි මන් ජේ..."

ඒ පිරිමි ළමයා මන් ළග ඉන්නකොට මගේ පපුව වෙනදාටත් වඩා හය්යෙන් ගැහෙන්න ගත්තා...

"හායි... මන් සූ.."

"ඉන්ටවල් එකේ මාත් එක්ක කෑම ගන්න පුළුවන් ද?"

"හරි... ම.. මන් එන්නම්..."

එහා පැත්තට හැරිලා ලොකු හුස්මක් අරන් ආයේ පොතේ ඔලුව ඔබාගත්තේ මේ නුපුරුදු හැගීම මොකද්ද කියලා හිතන ගමන්...

බෙල් එකේ සද්දේ ඇහෙනවත් එක්කම මන් ඒ අලුත් කොල්ලා දිහා බැලුවා... ඒ වෙනකොටත් එයා මන් දිහා බලන් හිටියා...

"යමුද?"

"හා යමු..."

කැන්ටින් එකට ගියපු අපි කෑම ටිකත් අරන් හිස් පුටුවක ඉදගෙන කන්න ගත්තා. විනාඩි පහක් ගියේ නෑ අපේ පන්තියේ කෙල්ලෝ හැමෝම අපි හිටපු මේසේ ට ඇවිත් ඉදගත්තා...

"ජේ.. මන් නිශා..."

"මන් ගුවේන්..."

"අපි යාළුවො වෙමුද?"

"මගේ උපන්දිනේ අනිද්දා ඔයා එන්න ඕනේ හරි ද.."

මේ වගේ කෙල්ලෝ නවත්තන්නේ නැතුව කියවන් යනකොට මගේ ඇස් පුදුමෙන් ලොකු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒත් මේ හැමදේටම ජේ ගෙන් හම්බුනේ එකම එක උත්තරයය්.

__________________♪_____________________

•කොට චැපී තමයි.. මේක පොඩි short story එකක්...

•Hope u will enjoy my story....

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now