⏳️10⏳️

67 21 9
                                    

°°..Author pov..°°

පැයකට පසු~___

"ජේහු මට නිදිමතයි..."

"තාම පාටි එක පටන් ගත්තේත් නෑ.. දැන්ම නිදි මතයි ද.. අපරාදේ ඔහේව එක්කන් ආවේ..."

"මට බනිනවා නෙහ්.. කමක් නෑ මන් වොෂ් රූම් එකට ගිහින් ඉන්නම්.. මෙතනට වඩා එතන හොදයි.."

"ඔයා ඇයි සූආ වගේ කතා කරන්නේ?"

"න්... න්... නෑ... මන් යොන්හී තේරුනාද.. ඉහ්... ජ්.. ජේ.. කොලුවෝ.."

"යොන්හී තමුන් බීලා ද?මේ දැන්ම වොෂ්රූම් එකට ගිහින් මූණ හෝදගන්නවා..."

"හා හරි හරි මේ දැන් මේ මන් ඉස්සරහ ට යනවා.. මූණ හෝදගන්න..."

ටිකක් මත් වෙලා හිටපු සූආ අන්තිමට ලේඩිස් වොෂ්රූම් එකට ගිහින් මූණ හෝදගත්තා...

"අපෝ මන් ඒ මොනවද බිව්වේ... එක උගුරටම වෙරි වෙනවා නේ... ඌහූ..."

තනියම කන්නාඩිය ට කතා කර කර හිටපු සූආ ට දකින්න හම්බුනේ තමන් දිහා බලන් ඉන්න නිශා ව..

"හෙලෝ යොන්හී.. මන් නිශා.. ජේ ගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක්.."

"හ්ම්ම්.."

සූආ නිශා කියන්නේ කව්ද කියලා දන්න නිසාම කට පියන් හිටියා. ඒත් නිශා ආයෙමත් යොන්හී ව අවුස්සන්න කියලා අනං මනං කියන්න ගත්තා..

"ඔයා දන්නවා ද ජේ කියන්නේ මන් ගොඩක් ලගින් ආශ්‍රය කරපු කෙනෙක් කියලා..."

ලිප්ස්ටික් තමන්ගේ තොල්මත තවරන ගමන් නිශා තවත් යොන්හී ගේ ඉවසීම නැති වෙන විදිහට කතා කරා...

"ජේ ගොඩක් වෙලාවට ඔයා වගේ මිඩ්ල්
ක්ලාස් ග'ර්'ල්ස්ලව ආශ්‍රය කරන්නේ නෑ.. පුදුමයි ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන එකත්.."

ඉවසීමේ අන්තිම සීමාවට ආපු සූආ නිශා ගේ බෙල්ල තද කරලා අල්ලගත්ත..

"තමුසේ තාමත් එහෙමය්.. එදත් තමුසේ ඔහොම දේවල් කිව්වම මන් ඒක පිළිගත්තා.. එතකොට මන් මෝඩයි ඒත් දැන් තමුන් මොනා කිව්වත් මන් ඒවා අහන්නෙත් නෑ විශ්වාස කරන්නේ ත් නෑ.."

"බෙල්.. ල්. ල.. අත්... තා.. රින්.. න..."

"තමුසේ සූආ ට කරපු දේවල් මන් දන්නේ නෑ කියලා හිතුවද?"

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now