⏳️11⏳️

60 21 10
                                    

"සේහි මන් කියන්න යන දේ හොදින් අහගන්න.."

"යනවා මගේ ගෙදරින් එලියට!"

මන් කියන්න යන දේ කියාගන්නවත් වෙලාවක් හම්බුනේ නෑ සේහි මගේ අතින් ඇදන් මාව එලියට දැම්මා. වැටෙන්න ගිය මාව කවුරු හරි අල්ලගත්තා..

"සේහි තමුන් මොනාද මේ කරන්නේ!"

මාව අල්ලගත්තේ වෙන කවුරුත් නෙවෙයි ජේහු.. එයා කොහොමද මන් මෙහෙ ආවා කියලා දන්නේ?

"ජේහු අය්යේ..."

"එලියට ඇදලා දාන්න මේ ඉන්නේ තමුන්ගේ අක්කා නෙවෙයි සේහි.. තමුසෙගෙ මහා ලොකු ළමයා නිසා මැරුණ සූආ යි මේ ඉන්නේ..."

ජේ කියපු දේ ඇහුණම මගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වෙන්න එච්චර වෙලා ගියේ නෑ..

"ජේහු ඔයා කොහොමද මේවා ගැන දැනගත්තේ?"

මගේ ඇස් කදුළු වලින් පිරුණේ ලොකු නිහඩබවක ආරම්බයත් එක්කමයි..

"ජේහු අය්යේ අක්කා මන් නිසා මැරුණේ දැන් කොහොමද කියන්නේ මේ යොන්හී මගේ සූආ අක්කා කියලා..."

"එයාගේ ආසාව ඉෂ්ට කරන්න සේහි එයාට යන්න දෙන්න..."

"ජේහු අය්යේ එතකොට එදා මන් දැක්ක දේ ඇත්ත ද? මගේ යොන්හී අක්කා මගේ සූආ අක්කා හැමෝම දැන් මාව දාලා ගියාද?"

Author pov...

බේරෙන කදුළු එක්ක සූආ ඉස්සරහ දනගහගත්ත සේහි මුලින්ම කරේ සමාව ගත්ත එක..

"මට සමාවෙන්න සූආ අක්කේ... ඒ දේ උනේ මන් නිසා මට සමාවෙන්න..."

හය්යෙන් කෑ ගහලා අඩපු සේහි ගේ සද්දෙට එයාගේ ළමයි දෙන්නත් බය වෙලා ආවා...

"අම්මා මොකද්ද උනේ.."

කදුළු පිහිදන් නැගිට්ට සේහි මුකුත් නෑ කියලා ළමයි ව ඇතුලට යැව්වා..

"මන් හැමදේම කියන්න ම්.. ඒත් මෙතන බෑ.. ජේහු අය්යේ අපි වෙන නිදහස් තැනකට යමු.."

ජේහු ත් සූආ ව ඇදන් ගිහින් කාර් එකේ දාල වාහනේ ස්ටාට් කරන් කවුරුත් නැති පාර්ක්‌ එකකට ආවා... ඒත් සූආ මේ වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ.. ඒ වගේම සේහි ගෙන් වැටෙන කදුළු එයාට පාලනය කරගන්න බැරුව හිටියේ..

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now