⏳️07⏳️

75 20 10
                                    


"තමුසේ ආයෙත් මගේ සූආ ව මරන්න ද හදන්නේ?"

"මොකක්! මන් සූ ව මැරුවේ නෑ.."

"තමුන් දැන් පහලදි කිව්වේ.."

පිංසලක්‌ අතට අරන් කළු පාට සායම් වලින් බිත්තියේ තිබුන මගේ රූපේ ඇස් පාට කරන ගමන් ජේ ඇහුවේ මන් දිහාවත් බලන්නේ නැතුව..

"මන් ඒක එහෙම අදහසකින් නෙවෙයි කිව්වේ.. අනික නොදන්න දෙයක් දැනගන්න එකේ වැරද්දක් නෑ නේ.. ඔයාම ද මේක ඇන්දේ? දවස් කීයක් ගියාද?"

"තමුන් හොස්පිටල් ගියේ මොළේ චෙක් කරගන්න නෙවෙයි ද?"

"අහ්හ්..."

"පෙරේදා තමුන් මේ කාමරේට ආවම මෙතන මෙහෙම චිත්‍රයක් තිබ්බේ නෑ නේද? අද ආවම තියනවා නම් මේකට දවස් කීයක් ගියාද කියලා හිතාගන්න බැරි ද? අනික මගේ සූ ව මන් තමයි ඇන්දේ.. දැන් වත් වාතයක් වෙන්නේ නැතුව එලියට යනවා.."

මෙයාගේ වැඩේම යොන්හීව එලවගන්න  එක.. කාමරේ මොකක් උනත් මන් දැන් ගිහින් රෙඩි වෙන්න ඕනේ මට වෙච්ච දේ දැනගන්න..

"මන් ඇතුලට එන්නද?"

වොෂ් එකක් දාලා අතපය හිරි අරිනකොට කවුරු හරි දොරට තට්ටු කරා.. කටහඩින් ඒ නැන්දා තමයි කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ..

"එන්න..."

"පහලට ඇවිත් හිටපු නැති නිසයි ආවේ.. කොහොමද ඔයාගේ නිකටට..."

"ඒක අවුලක් නෑ..."

"ඔයා පෙරේදා ආපු ගමන් ගියා නේ ඉතින් මට ඔයා එක්ක කතා කරන්නත් බැරි උනා..."

"අහ්හ්..."

"ඔයා සූආ ව දන්නේ කොහොමද?"

දැන් මන් මොනාද කියන්නේ එදා වෙච්ච දේවල් නැන්දා දන්නවා ඇති.. මන් මැරුණ විදිහ.. ජේ එවෙලේ මාව බලන්න ආවද මේ හැමදේම දැනගන්න වෙලාව...

"සූආ මගේ ඔන්ලයින් යාලුවෙක්.. එයා නැති උනේ කොහොමද?"

"ආ ඒක තමයි... එයා සියදිවිනසා ගත්තා.."

මන් කිසිම කලබල ගතියක් පෙන්නුවේ නෑ.. හැබැයි මට විශ්වාසයි මන් සියදිවි හානිකරගන්න තරම් මෝඩයෙක් නෙවෙයි අනික එහෙම ලොකු ප්‍රශ්නයක් මට තිබ්බෙත් නෑ...

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now