මේ වගේ කෙල්ලෝ නවත්තන්නේ නැතුව කියවන් යනකොට මගේ ඇස් පුදුමෙන් ලොකු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒත් මේ හැමදේටම ජේ ගෙන් හම්බුනේ එකම එක උත්තරයය්.
"ඕනම දෙයක් මගේ යාලුවගෙන් අහන්න... මන් දැන් බිසී..."
ජේ කියනකොට කෙල්ලෝ ටික මට රවාගෙන ගස්සන් ගියා..
"කව්ද දන්නේ නෑ එයාගේ යාළුවා... මටද එයා ඒ කිව්වේ..."
එහෙම හිතන ගමන් මන් ජේ දිහා හැරිලා බැලුවා එයා දැනුත් මන් දිහා බලන් හිටියා...මන් කකා හිටපු චිකන් එකත් හිර උනා...
"යා.. ඔහොම මන් දිහා බලන්න එපා... ජ්... ජේ..."
"පුහ්.. ලස්සනයි කියලද හිතේ..."
"පුහ්... මන් ද දැන් මේ කෙල්ලෙක් ව බලන් ඇදගෙන ඇවිත් එයා දිහා කන්න වගේ බලන් හිටියේ?"
"හහ්.. කව්ද ආ බලෙන් ඇදන් ආවේ... ඔයා නේ පැද්දි පැද්දි ආවේ... අනික මගේ ඇස් මන් බලනවා..."
එතනින් එහාට මන් මුකුත් කියන්න ගියේ නෑ මොකද මට හම්බුන එක යාළුවා හරි නැති කරගන්න ඕන උනේ නෑ... මන් බොරුවට ගස්සගෙන ආයෙත් කන්න ගත්තා..
ඉන්ටවල් එක ඉවර වෙලා ආයෙමත් මන් ජේ එක්ක ක්ලාස් එකට ගියා...
"ඒය් නැගිටිනවා..."
ඔලුවට ජේ ටොක්කක් අනින ගමන් කෑ ගැහුවම මට නම් මැරෙන්න හිතුනා... මේ මනුස්සයා හැසිරෙන්නේ මාව ගොඩක් කල් ඉදන් දන්නවා වගේ නේ...
"ඇය් ආ... දැන් පීරියඩ් එක ෆ්‍රී එකක් නේ... නිදාගන්න දීපියව්..."
"ඒක තමයි කතා කරේ... මගේ නංගි ව පෙන්නන්න එක්කන් යන්න ඕනේ.."
"නංගි කෙනෙක් ඉන්නවා ද? ඇය් ඉන්ටවල් එකේදී කිව්වේ නැත්තේ?"
"කියන්න තමයි හැදුවේ ඔහෙනේ රණ්ඩු උනේ.."
"අහ්හ්... එහෙම තමයි ජේ කොලුවෝ ජීවිතේ.."
ජේ ගේ කරට අතක් දානගමන් මන් කිව්වම ජේ හිනාවෙවී ආයෙමත් මගේ ඔලුවට ටොක්කක් ඇන්නා... ජේ ව පැය ගානකට කලින් දැක්කත් එයා මගේ හොද යාලුවෙක් උනා... කලින් දැනුන අපහසුතාවය දැන් නෑ...
"දැන්වත් යමුද?"
"හරි යමු.."
ටිකකින් ජේගේ නංගිගේ පන්තියට ගිහින් ජේගේ නංගි ව හම්බුනා. එයත් ජේ වගේමයි හරිම හොදයි.. අද නම් ගොඩක් හොද දවසක්... මට යාළුවො දෙන්නෙක්ම හම්බුනා...
"මොකෝ තනියෙන් හිනාවෙන්නේ?"
"ආ.. මගේ මොළේ ගැලවුනා..."
"ආශ්... මටත් පිස්සු නේ මේ කෙල්ලවම යාලුවෙක් කරගත්ත ට.."
"හා හා... දැන් බෑ මාත් එක්ක තරහවෙන්න.."
"කොහෙත්ම නෑ.. ඔයාව දැක්කම මගේ අම්මව මතක් වෙනවා..ඒත් එයා දැන් මේ ලෝකේ නෑ..."
"ඕවා ගැන හිතන්න එපා ජේ... ඔයාට මන් ඉන්නවා.."
"ඒක තමයි බය.."
නෝන්ඩියට හිනාවෙවී ජේ කිව්වම මන් ආයෙත් එයාට රවලා දුවගෙන පන්තියට ගියා...
ඉස්කෝලේ ඇරිලා මන් ජේටය් එයාගේ නංගිටයි බාය් කියලා ගෙදර ගියා...
"අම්මේ මන් ආවො.."
"දැන්මම ලෑස්ති වෙන්න.. ඔයාගේ නැන්දලා මෙහෙට ඇවිත්..."
"නැන්දා... එතකොට එයාගේ පුතා.."
"උබ ඕවට නම් එන්න එපා සූ.. මට මතකය් උබේ වදේ ඉවසන්න බැරුව ඒ කොල්ලා හිටපු විදිහ.."
"අම්මට මගේ ආදරේ තේරෙන්නේ නෑ..."
කාමරේට ගියපු මන් වොෂ් දාල ලෝකේ නැති හැමදේම උලාගෙන නැන්දලා ගෙදර යන්න ලෑස්ති උනේ මගේ ප්‍රථම පිවිතුරු ආදරේ බලාගන්න...
මමයි අම්මයි තාත්තායි මල්ලියි අන්තිමට ලොකු යුද්දේකට පස්සේ නැන්දලා ගෙදර ගියා...
"නැන්දේ..."
"මගේ සූ..."
"නැන්දේ..."
"මගේ සූ.."
නැන්දම්මා ට පැණිය දාන ගමන් මන් මගේ රංගනය පටන් ගත්තා.. ඒ වගේම මගේ නැන්දම්මා ගේ ප්‍රතිචාරත් ගොඩක් හොද විදිහට තිබ්බා..
"කොහෙද ජේහු..."
ගේ වටේම ඇස් යවන ගමන් මන් මගේ ප්‍රශ්නේ නැන්ද වෙත දිගහැරියා..
"මන් හිතන්නෙ එයා තාම කාමරේ ටිකකින් එය්.."
"ආ..."
හිනාවෙන ගමන් මන් එහෙම කියනකොට අහම්බෙන් මගේ ඇහැට අම්මා ගේ ගිනි අරන් තිබ්බ රූපේ ගැටුනා...
"අම්මට මේවා තේරෙන්නේ නෑ..."
එහෙම හිතන ගමන් තුන්වෙනි බිස්කට් එකටත් වැඩේ දෙන්න ගත්තා..
"ජේහු එලියට එන්න.. සූ ඇවිත් ඉන්නවා.."
"අම්මේ ඉන්න එන්නම්.."
අහලා පුරුදු කටහඩක් වගේ...පොඩ්ඩක් ඉන්න මේ කටහඩ...
"සූ..."
මගේ නම කියන ගමන් කාමරෙන් එලියට ආව ජේහු ව දැක්කම මගේ ඇස් උඩ ගියා...
__________________♪_____________________
•සූ නටනවා වැඩි වගේ... එකම වෙලාවේ දෙන්නෙක්ට පැණි හලනවා.. 😒
•Hope u will enjoy my story...
YOU ARE READING
ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»
Fantasyවර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විසින්ම සොයා ගන්නට ලැබුණු සීමිත දින ගණන. කාලය හරහා ගමන් කලද වැළක්විය නොහැකි මරණය.. ඇයව කැදවා යාමට පැමිණෙන ඇගේ දෛවයේ දෙව්දුව, ඒන්ජල්... එන්න වර්...