⏳️06⏳️

75 23 17
                                    

මගේ අත ෆෝන් එක හරහා යනවා... මට අල්ලන්න පුළුවන් උනේ අර ගෑනු කෙනා දුන්න ඔරලෝසුව විතරයි...

"ආය්ෂ් මන් මොනාද දැන් කරන්නේ?කරන්න දෙයක් නෑ මට දැන් එන ට්‍රක් එකකට හරි පනින්න වෙනවා...මට කිසිම දෙයක් අල්ලන්නත් බැරි නම් ට්‍රක් එකට හරි පැනලා බලන්න වෙනවා.."

ආයෙමත් මන් බස් හෝල්ඩ් එක පැත්තට දුවන් ගියා.. තාම කවුරුත් නෑ.. ජේ වත් නෑ.. ඈතින් බස් එකක් එනවා දැක්ක නිසා මන් පාර මැදට ආවා...

වේගෙන් ආපු බස් එකේ ලය්ට් එලිය මගේ මූණට වැටෙනවාත් එක්කම මගේ සිහිය නැති උනා..

"පේෂන්ට් ට ලොකු අවුලක් නෑ..තවත් ටිකක් බලන්න සිහිය එනවා ද කියලා.."

මොනාද මේ ඇහෙන්නේ මන් දිව්‍යලෝකේ ද ඉන්නේ.. මන් මළා නම් පණ ඇදන් හිටපු මන් කෝ...

"කෝ අනික් කෙනා..."

"මැඩම් කලබල වෙන්න එපා.. ඩොක්ටර් පේෂන්ට සිහිය ඇවිත්..."

මන් මේ කොහෙද ඉන්නේ.. මේ කොහෙද? දිව්‍යලෝකේ වගේ නේ මේක.. දිව්‍යලෝකේ හොස්පිටල් එකවත් ද මේ..

"ඒ මේ මන් කොහෙද ඉන්නේ?"

"හොස්පිටල් එකේ මැඩම්.."

"මට‍ මොනාද උනේ?"

"මැඩම් හොස්පිටල් එකට ආවම සිහි නැතුව වැටුනා.. පැය දොළහක් සිහි නැතුව හිටියා.."

"පැය දොළහක්! මට දැන් ගෙදර යන්න බැරි ද?"

"ඩොක්ටර් චෙක් කරාම පුළුවන් මැඩම් ඊටපස්සේ මේ ෆයිල් ටික සයින් කරල යන්න.. බිල් ගෙවන්න නෑ.."

"බිල් ගෙවන්න තිබ්බත් ගෙවන්න විදිහක් නෑ... හී..."

ඩොක්ටර් ඇවිත් චෙක් කරයින් පස්සේ මන් ඇදෙන් බැහැලා කොහොමහරි එලියට යන්න හදනකොට අර නර්ස් කෑ ගහගෙන ආවා..

"මැඩම් ඔයා ඔයාගේ බඩු ටික ගත්තේ නෑ නේ... අනික මේ දිනෙත් වැරදි.."

මගේ අතට ලොකු හෑන්ඩ් බෑග් එකක් දෙන ගමන් නර්ස් කිව්වා..

" 2022/03/03 හරි මේකනේ දිනේ "

"මැඩම් ට පිස්සු ද අද 2038/02/24"

"මොකක්!නෑ ඔයාට වැරදිලා.."

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now