⏳️12⏳️

69 22 7
                                    

අත් දෙකෙන් තමන්ගේ කට වහගත්ත සේහි සූආ ව තද කරලා බදාගත්තේ සමාව ඉල්ලන ගමන්..

"සේහි යොන්හී ඔයාට ගොඩක් ආදරෙයි.. එයා මට කිව්වා ඒ ගැන ඔයාට කියන්න කියලා.. මට තවත් පැය විසි හතරයි තියෙන්නේ.. ඒ නිසා මන් දැන් යනවා මට යන්න කලින් කරන්න වැඩ ටිකක් තියනවා.. ජේහු පුළුවන් ද අදට විතරක් කාර් කී එක මට දෙන්න.."

"මන් දන්නේ නෑ හැබැයි තමුන් අන්තිම පැය පහ මන් ලගයි ඉන්න ඕනේ.. මෙන්න යතුර..."

"තෑන්ක්ස්..."

යතුර ගත්ත ගමන් සූආ කරේ කාර් එක අරන් හය්යෙන් ගිය එක.. සූආ ට දැනුනේ පුදුම සතුටක්... හය්යෙන් හිනා උන සූආ මුලින්ම කරේ යන්න කලින් තමන්ගේ අම්මවයි තාත්තාවය් හම්බෙන්න ගියපු එක..

දොරේ බෙල් එක ගහපු සූආ ඉස්සරහට ආවේ හම රැලි වැටුන වයසක ගෑනු කෙනෙක්..

"දුව කව්ද?"

"සූආ ගේ අම්මද?"

"ආ ඔව්.. දුව?"

"සූආ ගේ යාලුවෙක්.. මන් ඇතුලට එන්නද අම්මේ.."

තමන්ගේ දෙමව්පියෝ එක්ක හිනා වෙවී කාලෙ ගත කරපු සූආ තමන්ගේ අම්මටයි තාත්තාටයි තමන්ව බලාගත්ත එකට ස්තුති කරලා ඊළගට ගියේ ඉපදුන දවසේ ඉදන් තමන්ගේ දුක සැප හැමදේටම ලගින් හිටපු තමන්ගේ මල්ලිව හම්බෙන්න..

"ඒය් මොකෝ දොරේ බෙල් එක කඩන්නේ ආ..."

"ඔයා වෙන්න ඇති චූටි සූආ.. මගේ මල්ලි ගේ දුව.."

"ඔව් ඇයි? තාත්තේ මෙන්න හොලෙක්‌ ඇවිත් මගේ පත්න අහනෝ ගුටියක් දීලා යවන්න..."

සූආ කොය්මවෙලාවකවත් තමන්ගේ සහෝදරයා මෙච්චර කඩවසම් තරුණයෙක් කියලා හිතුවේ නෑ... සූආ ගේ යාලුවෙක් කියලා ඇතුලට ගිය සූආ තමන්ගේ මල්ලි ගැන එයාගේ ජීවිතේ වෙච්ච දේවල් හැමදේම අහගත්තා.. මොකක්දෝ හේතුවකට මේ ආගන්තුක තරුණිය එක්ක තමන්ගේ පෞද්ගලික දේවල් කියන්න ඔහු පැකිලුනේ  නෑ..

"සූආ කියන්න කිව්වා ඔයා කුණු කානුවෙන් නෙවෙයි ඇහිදගත්තේ කියලා..."

"මන් දන්නවා.. මට කවදාවත් එයාට ආදරෙයි කියලා කියන්න බැරි උනා... මගේ අක්කා හම්බුනොත් කියනවා ද ලබන ආත්මෙදි හරි මට පස්සේ මැරෙන්න කියලා.. එයාට මන් ගොඩක් ආදරෙයි කිව්වා කියලත් කියන්න..."

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now