⏳️03⏳️

93 22 17
                                    

මගේ නම කියන ගමන් කාමරෙන් එලියට ආව ජේහු ව දැක්කම මගේ ඇස් උඩ ගියා...

"ජේ ඔයා..."

"හී මන් තමයි...."

අත් දෙකත් බැදගෙන දොරට හේත්තු වෙලා හිටපු ජේ දිහා දැක්කම මගේ ලේ රත් උනා...

"නැන්දේ........ ඔයාගේ පුතා මහා බොරු උ. උ.. ක්‌... ර්.. යේ.. ක්‌.."

මට මුකුත් කියන්න හම්බුනේ නෑ ජේ මගේ කට වහගෙන කාමරේට අරන් ගිහින් දොර වැහුවා...

"ෂ්!!කෑ ගහන්න එපා මෝඩියේ..."

"ඇය් මට කලින් කිව්වේ නැත්තේ... අනික ඔහේ කිව්වා අම්මා නෑ කියලා... කොහොමද මගේ අසරණ නැන්දව පරලොව යැව්වේ? ලෝකේ නැති බොරු ඔක්කොම කිව්වා..."

"හරි හරි මට නිකන් ඔයාව ආශ්‍රය කරලා බලන්න හිතුනා.. පොඩි කාලේ අපි දෙන්නා අතරේ ලොකු යාළුකමක්‌ තිබ්බේ නෑ නේ අනික ඔයා වෙනස් වෙලාද දන්නේ නෑ නේ.. ඒකය් මේ.."

"පොඩි කාලේ ඔහේගේ තමයි ලොකුකම.. ඔහේ නේ එදා අන්තිම දවසේ කිව්වේ මන් වදයක් කියලා.."

අන්තිම ටික කියනකොට මගේ ඇස්වලින් කදුළු ආවේ කටහඩත් බාල වෙනකොට...

"සොරි!ඇත්තටම එදා මන් කිව්ව දේ තාම හිතේ තියනවා ද?"

"ඔව් මට ඔක්කොම මතකය්... මන් ඔහෙත් එක්ක තරහයි.. ඒ නිසා ළගට එන වැඩ එපා.. ඉස්කෝලේ ගියත් අර නැට්ටිච්චියෝ එක්ක ඉන්නවා.."

"එතකොට අර පොරොන්දුව.."

"මොන පොරොන්දුවද?"

"ඇය් අර.."

"සූ.. ජේහු එලියට එන්න... කාලා පස්සේ කතා කරන්න.."

නැන්දා කතා කරපු නිසා මම ජේටත් ගස්සන් එලියට ගිහින් කන්න ගත්තා... පැය ගානක් ආගිය තොරතුරු කරලා අන්තිමට ගෙදර ඇවිත් මන් ඉස්කෝලේ යන්න දේවල් ලෑස්ති කරලා නිදාගත්තා..

වෙනදා වගේම බස් හෝල්ඩ් එකට වෙලා බස් එක එනකම් හිටපු මන් හරි අමුතු දෙයක් දැක්කා... දම් ගවුමක් ඇදගත්ත ගෑනු කෙනෙක් මන් දිහා බලාගෙන හිටියා... එයා මන් දිහා හිනාවෙවී බලන් හිටියා... බය හිතුන නිසාම මන් බස් එක එනකම් ටික ටික ඉස්සරහ ට ඇවිදන් ගියා....

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Место, где живут истории. Откройте их для себя