⏳️05⏳️

80 23 13
                                    


"ආ... පුළුවන්.."

බයෙන් බයෙන් මන් එහෙම කිව්වම ඒ ගෑනු කෙනා මගේ අතට පෙට්ටියක් දුන්නා.

"මේක අල්ලගන්න.."

"හා කෝ දෙන්න.."

"හෙට ඔයාගේ උපන්දිනේ නේද?"

"ආ ඔව්.. පොඩ්ඩක් ඉන්න ඔයා කොහොමද ඒක දන්නේ?"

"ඔය පෙට්ටියට අත දාල කැමති දෙයක් ගන්න."

"මට බෑ අනික මන් ඔයා කව්ද කියලා දන්නෙත් නෑ..."

"මේ අහන්න.."

මගේ මූණ අත් දෙකෙන් අල්ලගෙන ඒ ගෑනු කෙනා මන් දිහා හිනාවෙවී බලන් හිටියා...

"මේ අහන්න සූආ... ඔයාගේ ජීවිතේ අද දවස ඇතුලදී වෙනස් වෙනවා. ඒ දේ සිද්ද උනේ ඇයි කියලා ඔයා හොයාගන්න... දවස් දහයයි ඔයා කව්ද කියන එක කාටත් කියන්න එපා..එතකොට එයාලගේ ජීවිතේ අනතුරේ වැටෙනවා ඒ වගේම ඔයාට අතීතය වෙනස් කරන්න බෑ..."

"පොඩ්ඩක් ඉන්න..."

"ෂ්!! මේ පෙට්ටියට අත දාල කැමති එක දෙයක් ගන්න.."

ඔලුව මැල්ලුමක් වගේ අච්චාරු වෙලා තියෙද්දී අර ගෑනු කෙනත් පෙට්ටිය ට අත දාන්න කියලා මාව කන්න යනවා.. ඉවසන්න බැරිම තැන අත දාල අතට අහු උන එක අරන් ඒ ගෑනු කෙනාට පෙන්නුවා...

"වොච් එකක් ගත්තේ.."

"ෂා!ඒ කියන්නේ ඇත්තටම දෛවය එයාට ඕන විදිහට වැඩ කරන්න අරන් "

"ඇහ්හ්..."

හය්යෙන් හිනාවෙන ගමන් ඒ ගෑනු කෙනා එතනින් අතුරුදහන් වෙලා ගියා... එයාගේ ඒ හිනාව මුළු බස් හෝල්ඩ් එක පුරාම දෝංකාර දුන්නා...

"ආය්ෂ් මන් බීලද?"

මන්ම මට හය්යෙන් ටොක්කක් ඇනගෙන මට එන්න කියපු ජේ කාරයාට කෝල් එකක් ගන්න කියලා හැදුවම මන් දැක්කා බස් හෝල්ඩ් එක ළග තියන බිල්ඩිමෙන් කෙනෙක් වැටෙනවා...

මගේ කට අත හැමදේම වෙව්ලන්න ගත්තා... මුළු පළාතම තවත් මූසල උනා...

" වැටුන මනුස්සයට බැරි වෙලාවත් පණ තිබ්බොත් එයාගේ ජීවිතේ මට බේරගන්න පුළුවන් වෙයි..."

දෙපාරක් හිතන්නෙ නැතුව මන් ඒ බිල්ඩිම ළගට දුවන් ගියා. එතන හිටියේ මුනින් අතට වැටිලා හිටපු කෙල්ලෙක්... මුළු ඇගේම ලේ... මූණ හරියට නොපෙනුන නිසාම මන් තවත් පහත් වෙලා එයාව අනිත් පැත්ත හරවන්න උත්සහ කරා... එයා ගොඩක් අමාරුවෙන් හුස්ම ගන්නවා කියලා මට තේරෙන්න ගත්තේ එයාගේ හුස්ම ගන්න සද්දේ මට ඇහෙනකොට...

ඒත් මන් හැරෙව්වම එතන හිටියේ මන්මය්... මුළු මූනෙම ලේ ගෑවිලා මූණම විකුර්ති වෙලා එතන හිටියේ මන්මය්... ජීවිතේ අන්තිම හුස්ම වෙනුවෙන් එතන තනි සටනක හිටියේ මන්මය්...

එකපාරටම මගේ කන් දෙක හීනි සද්දයකින් පිරුනා... මගේ ඔලුව පැලෙන්න වගේ රිදුනා. මගේ අත් දෙක ඉබේම මගේ ඔලුව තද කරලා අල්ලගත්තා... මට අමුතු රූප මැවෙන්න ගත්තා.. මිනිස්සු වට වෙලා හිටියා.. මන් මගේ සොහොන් කොත දැක්කා...

ආයෙමත් පියවි සිහියට ආපු මන්, මන් නොවුන මගේ ජීවිතේ බේරගන්න කියලා මිනිස්සු ඉන්න පැත්තකට දිව්වා... බස් හෝල්ඩ් එක ළග කඩයක් තිබ්බත් එතන හිටපු අයට මන් කොච්චර කෑ ගහලා උදව් ඉල්ලුවත් එයාලා මාව ගණන් ගත්තේ නෑ...

මම ආයෙමත් අර පණ ඇදන් හිටපු මන් වගේ කෙනා ළගට ගියා... මට එකපාරටම මතක් උනේ මගේ ෆෝන් එක 'ජේ' එයාට විතරයි උදව් කරන්න පුළුවන්...

"ඇයි මේ රෙද්ද මට අල්ලන්න බැරි.."

මගේ අත ෆෝන් එක හරහා යනවා... මට අල්ලන්න පුළුවන් උනේ අර ගෑනු කෙනා දුන්න ඔරලෝසුව විතරයි...

"ආය්ෂ් මන් මොනාද දැන් කරන්නේ?"

__________________♪_____________________

*මන් වලපල්ලේ වැටිලා ඉන්නකොට මෙයටත් ඕනේ නැති ප්‍රශ්න නෑ 🥲😒

*Hope u will enjoy my story....💌

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now