⏳️09⏳️

83 23 6
                                    


"ඒයි යොන්හී හොදින් ද?"

ජේ දාපු තට්ටුව නිසා මන් ආයෙමත් හොද සිහියට ආවා...

"ආ නෑ.. මන් හොදින්.. අපි දැන් යමුද?"

"යන්න කලින් ඔයාලගේ ගෙදර යමු. ඊයේ අංකල් මට කෝල් කරලා කිව්වා ඔයාව එක්කන් එන්න කියලා.."

"හ්ම්ම්.. යමු.."

දැන් ගියොත් මට යොන්හී ගැන දැනගන්න පුළුවන් වෙයි.. ඒ වගේම කව්ද ඒ සොන්යී කියලත් හොයාගන්න ඕනේ..

"ජේහු.. ඔයා සොන්යී කියලා කෙනෙක් ව දන්නවා ද?"

"සේහි ගේ ළමයා නේද?"

සේහි කියන්නේ කව්ද? අය්යෝ...

"මන් සොන්යී ව ගොඩ කාලෙකින් දැක්කේ නෑ.. ෆොටෝ එකක් එහෙම නැද්ද ඔයා ළග.."

"සොන්යී ගේ ෆොටෝ එකක් මගේ ෆෝන් එකේ ඇති.. ගෙදර ගියාම පෙන්නන්නම්... ඔයාට එයාව බලන්න ම ඕනේ නම් දැන් සේහි ගෙන් අහලා ලමයව මොන්ටිසෝරියෙන් අරගමු.."

ඒ කියන්නේ සොන්යී කියන්නේ ගොඩක් පොඩි ළමයෙක් ද? දැන් එතකොට අර ළමයා නිසා මන් මැරුණා කියන්නේ සොන්යී ගේ අම්මා සේහි තමයි මන් මැරෙනකොට ඉදලා තියෙන්නේ.. එහෙනම් සේහි මට කියන්න එදා උනේ මොනාද කියලා.. ඒ වගේම ඔයාගේ දරුවා නිසා මන් මැරෙන්න ඔයා මගේ කව්ද?

"ඒය් බහිනවා.."

"ආ හා.."

ටිකක් විශාල ගේ ඇතුලට ගිය මන් හොදට වටපිට බැලුවා.. එකපාරටම දුවගෙන ඇවිත් මාව ටිකක් වයසක ගෑනු කෙනෙක් බදාගත්තා..

"යොන්හී.. අනේ කෙල්ල කෙට්ටු වෙලා.."

"අනේ අම්මේ ඔයාගේ දුව කෙට්ටු වෙලා නෑ තවත් අලයක් වගේ මහත් වෙලා වගේම නාකි වෙලා.."

එතනට ආපු තවත් තරුණ ගෑනු ළමයෙක් කතාවට එකතු උනා..මන් දැන් මොනාද කියන්න ඕනේ.. හිනාවෙන්න ඕනෙද පුප්පන් ඉන්න ඕනෙද? යොන්හී විදිහට ජේ ලව අන්දන්න පුළුවන් උනාට එයාලගේම ගෙදර අයව රවට්ටන්න මට බෑ... ගෙදර අය කියන්නේ පොඩි වෙනසක් උනත් අදුරගන්න පුළුවන් කට්ටියක්‌..

"මොකෝ ගොළු වෙලා.. මහන්සි වගේ නම් කාමරේට යන්න.. ගෝයු අක්කව උඩට එක්කන් යන්න.."

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now