⏳️08⏳️

77 23 17
                                    

ඇත්තටම මට ඕන උනේ මගේ මරණේ ගැන ඇත්ත දැනගන්න ජේ ගෙන් උදව් ඉල්ලන්න.. මේක හොද අවස්ථාවක් වෙයි.. මට උදව් කරන්න ජේහු...

ජේහු ගේ කාමරේට ගිහින් ඇද උඩට වෙලා කොහොමහරි ජේ ගෙන් උදව් ඉල්ලන්න විදිහක් හිත හිත හිටියේ.. දවල් මන් මලාද ඇහුවම ඒකට කේන්ති ගියපු විදිහට දැන් මැරුණේ කොහොමද කියලා හොයන්න උදව් කරන්න කිව්වම මාව ජනේලෙන් එලියට විසි කරයි...

"අපරාදේ මට මේ කාමරේට තඩි සෝෆා එකක් ගේන්න තිබ්බේ.. එතකොට ඔය එක එක අයට මගේ කාමරේ ඇද උඩ ඉන්න බෑ නේ..."

"ඔයාගේ හින්ට් මට වැදෙන්නේ නෑ.. මට ඔයාගෙන් උදව්වක් ඕනේ ඒකය් මන් ආවේ.."

"මොනාද වෙන්න ඕනේ.."

"ඊට කලින් මෙතනින් ඉදගන්න කෝ.."

මන් මට එහා පැත්ත පෙන්නන ගමන් කිව්වම ජේ සද්දයක් නැතුව මන් ළග ඉදගත්තා... එකපාරටම මන් ජේ ගේ අත් දෙක තද කරලා අල්ලගෙන කතා කරන්න ගත්තා....

"ජේ අහන්න සූආ සියදිවිනසාගත්තේ නෑ.. එයා එච්චර මෝඩ නෑ.. එදා වෙන මොකක් හරි දෙයක් වෙලා තියනවා.. මට ඒක හොයාගන්න උදව් කරන්න.. ප්ලීස්.."

මන් ඒ හැමදේම කියලත් ජේ ගේ අත නම් අතඇරියේ නෑ... වැරදිලා හරි යකා නැගල මට ගැහුවොත්.. ජේ ගේ සද්දයක් නැති තැන මන් ජේ දිහා බැලුවම ඒ මනුස්සයා කිසිම ගානක් නැතුව හිටියා..

"අත අතාරිනවා.. දෙයක් දෙන්න.."

"ගහන්න නෙවෙයි නේද හදන්නේ?"

"නෑ නෑ.."

මන් ජේ ගේ අත අතඇරියා ම එයා ළග තිබ්බ ලාච්චුවෙන් ෆයිල් එකක් අරන් මට දුන්නා..

" මේ මොකද්ද? "

"සූ ගේ මරණ පරීක්ෂණ වාර්තාව.."

මන් ඒක කියවන්න ගත්තා.. මරණය ට හේතුව මානසික ආතතිය නිසා සිදු වකරගත් සියදිවිනසා ගැනීමක්..

"මේක වෙන්න බෑ.. කොහොමද එයාලා මේක සියදිවිනසා ගැනීමක් කියලා කියන්නේ.. මේවට සාක්ෂි කෝ?"

"සූආ බිල්ඩිමෙන් වැටෙනකොට වැටිලා තියෙන්නේ මුනින් අතට ඒ කියන්නේ එයාගේ මූණ පාර මතට වැටුනේ කවුරු හරි එයාව තල්ලු කරොත් එයාගේ මූණ උඩ අතට හිටින්න යි වැටෙන්නේ.. අනික එයා වමත් කාරියක් නිසා එයා වැටෙන්න කලින් එතන තිබුන කණුවක් අල්ලලා තියනවා එතන තිබුන ඇගිලි සලකුණු එයාගේ වම් අතේ ඇගිලි සලකුණු එක්ක මැච් වෙලා තියනවා... පොලිසියේන් කිව්වේ පනින්න කලින් එයා ඒ කනුව අල්ලලා බිම එබිලා බලලා ඇති කියලා.."

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now