ඒක වසන්ත කාලයේ ආරම්භය කියාපාන ලස්සන දවසක්.තැනිතලා බිම් වල මිදෙන්න පටන් අරන් තිබ්බ හිම ඈත් මෑත් කරගෙන කහ පාට වගේම සුදු පාට ඩැෆොඩිල්(Daffodil ) මල් වලින් තැනිතලා පිරෙන්න පටන් අරන් තිබුනේ.
තාමත් ඇග හිරිවට්ටන සීතලක් තිබුනට පයින් ගස් වලින් වට වෙලා තිබුන ගමේ උදවිය නම් හරිම උද්යෝගෙන් උදේම වැඩ කටයුතු පටන් අරන් . තරුණ ඔමේගලා අද වෙන්දටත් වඩා උද්යෝගෙන්.එයාලගෙ හිනා සද්දෙන් මුලු ගමම පිරිලා වගෙයි.හැමෝම එක්කෙනා දෙන්න තමන්ගෙ පුංචි ලී කැබින් වලින් වලින් එලියට එන්න පටන් ගත්තේ දවසෙ වැඩ ආරම්භ කරන්න.වසන්තය කියන්නෙම නව ආරම්භයක්. තරුණ ඇල්ෆලාට වගේම ඔමේගලාට එයාලගෙ මේට්ව තෝරගන්න, එයාලා එක්ක විවාහ වෙන්න සුදුසුම කාලෙ.ඉතින් අද තමයි වසන්ත කාලෙ පළවෙනි පුර හද පායන දවස. හැම අවුරුද්දකම වගේ අදත් මේ වැඩිහිටි ඇල්ෆලා, තරුණ ඇල්ෆලා වගේම ඔමේගලත් සූදානම් වෙන්න එයාලගේ සහකරුවන් සමග විවාහ වීමේ උත්සවයට.මුලු ගමම විවිධ මිහිරි පෙරමෝන සුවදවල් වලින් පිරිලා තිබුනේ හරියට නිකන් ඒ හැමෝම අද ඉන්නෙ කොච්චර සතුටින්ද කියලා කියන්න වගේ.
"අම්මා!! මම තැනිතලාවට යනවා!!" ජිමින් එයාලගේ කෝටෙජ් එකේ දොර ඇරලා වසන්ත කාලෙ නැවුම් වාතයෙන් පෙනහලු පුරෝගන්න ගමන් කිව්වෙ ගොඩක් සතුටින්.ජිමින් අද වෙනදටත් වැඩිය සතුටින් මොකද එයා අද විවාහ වෙන්න යන්නෙ.
" ජිමින්!!!....... උත්සවේ දවසේ ඔමේගා කෙනෙක් තනියම තැනිතලාවට යන එක එච්චර හොද දෙයක් නෙවේ.නරක දෙයක් එහෙම උනොත්!!" ජිමින්ගෙ අම්මා එයාලගෙ පුංචි කිචන් එකේ ඉදන් දුවගෙන ආවෙ කෑ ගහගෙන ඒත් ජිමින් ඒ වෙනකොටත් එයාලගෙ කෝටෙජ් එකෙන් ගොඩක් දුර ගිහින් හිටියා.
YOU ARE READING
✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚
FanfictionJimin is an omega who likes to mate with the person his parents choose .He doesn't complain about it.Who doesn't like to be the mate of Handsome alfa and pack leader?.But luna had decided on a different fate for him. Will it be HAPPY? or Wil it be M...