10.සතුට.

266 76 14
                                    

ඒ කතා බහෙන් පස්සෙ සතියකුත් ගෙවුනා එදා රෑ උන කතා බහෙන් පස්සෙ ජිමින් වැඩිය ජන්ග්කුක් එක්ක කතා කලේ නෑ.ජන්ග්කුක් අහන හැම දේටම එක වචනෙන් දෙකෙන් උත්තර දුන්නා. ඒවගේම ජන්ග්කුක් රාජකාරි වලට පිටත් වෙනකන් එයා නැගිට්ටෙත් නෑ.ජන්ග්කුක් ජිමින් එක්ක කතා කරන්න උත්සහ කරපු හැම වෙලේම ජිමින් එයාව මගහැරියා.

'ජන්ග්කුක් තමන් එක්ක ඉන්නෙ අකමැත්තෙන්' කියන එක ජිමින් ඒ වෙනකොට හිතන්න පටන් අරන් තිබුනේ.එයා දන්නෙ නැ ඇයි එයා එහෙම දෙයක් හිතන්නෙ කියලවත්.ජන්ග්කුක් කවදාවත් එයාට කිසි අකමැත්තක් දක්වලා තිබුනේ නෑ.නිකන් අගවලවත් නෑ.

ජිමින් මේ සතිය පුරාවට එලියට යන එක ප්‍රතික්ෂේප කරපු නිසා යූනා හැම දවසකම වගේ ජිමින්ට නිල් බෙරි ගෙදරට එනත් දීලා ටිකක් වෙලා ජිමින් එක්ක කතා කරලා යන්නෙ ජන්ග්කුක් රාජකාරි වලට පිටත් උනාට පස්සෙ.යූනව දකින වාරයක් ගානෙ ජිමින්ට හිතුනා එයා ඇල්ෆා කෙනෙක් නැතුව තනි උනේ එයා හින්දා කියලා.ඒත් ජිමින් ඒ බවක් පිටට නොපෙන්වා ඉන්න පරිස්සම් උනා.එයාගෙ හිත තමන්ගෙ ඇල්ෆා ගැන ආත්මාර්තකාමී හැගීමකින් පිරිලා ගියා.

ඉතින් ජිමින් අදත් ගෙදර වැඩ කරලා ඉවර වෙලා දවල් වෙද්දි කෝපිඑකක් හදාගෙන ජනේලේ ලගින් වාඩි උනේ හිත නිදහස් කරගන්න හිතාගෙන.

ඒත් එයා කෝපි එක දෙසැරයක් විතර තොල ගෑවට පස්සෙ බලාපොරොත්තු උන විදිහටම යූනගෙ කටහඩ ඇහෙද්දි ජිමින් ගිහින් දොර ඇරියා.

" බුහ්!!" ඒත් එක පාරටම බලාපොරොත්තු නොවුන විදිහට දොර ඇරපු ගමන්ම තේහ්‍යුන් එයාගෙ ඇගට කඩන් පැන්නම ජිමින් පපුවත් අල්ලගෙන කෑ ගැහුවේ ඇස් දෙකත් වහගෙන .

" ජිමින්.....ජිමින්.....මේ මම" එක පාරටම කරපු විහිලුව ටිකක් බර වැඩී වගේ තේරුනාම තේහ්‍යුන් හිමින් ජිමින්ට කතා කලා." මිනී....ඔයා හොදින් නේද?" තේහ්‍යුන් ආයෙත් එහෙම ඇහුවේ ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් වචනයක්වත් නොකියා තමන් දිහා බලන් ඉන්න නිසා.

" ටේ මං ඔයාට කිව්වා එයා බය වෙයි කියලා" යූනා එහෙම කිව්වම ජිමින් යූනා දිහා බලලා ආයෙ තේහ්‍යුන් දිහා බැලුවා.

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now