4.නව ආරම්භයක්

278 82 85
                                    

ජන්ග්කුක් ජිමින් දෙන්නා ආයෙත් එයාලගෙ ගෙදරට යනගමන් හිටියේ.දෙන්නගෙන් කාටවත් ඕන උනේ නෑ නිහඩතාවය බිදින්න.එයාලගෙ විවාහයට කලින්නම් ජිමින් කරන්නෙම කියවන එක කියලා ජන්ග්කුක් දන්නවා. මොකද ඔමේගා ජොන් වචන සීයක් කතා කලොත් අනූපහක්ම ජිමින් ගැන කියවන හින්දා. කලින් ජන්ග්කුක් ජිමින් අතරේ පුංචි පුංචි වචන හුවමාරු,විහිලු තහලු වෙලා ඇති  ඒත් දෙන්නගෙ විවාහයෙන් පස්සෙ ජන්ග්කුක්ට ඕන උනා ජිමින් ගැන දැන ගන්න.
එතකොට ජිමිනුත් එහෙමද?

ජීවිත කාලෙම කතා නොකර ඉන්න බැහැනෙ.නේද?

" හියුන්ග් !" අන්තිමේදි නිහඩතාවය බිදින්න ජිමින් තීරනය කලා.

" ම්ම්?" ජන්ග්කුක් අහස දිහා බලාගෙන ජිමින්ට උත්තර දුන්නා.

"ඔය බාස්කට් එක දෙන්න මම ගන්නම්" එයාලගෙ අලුත් ගෙදර ඉදන් දැන් ඉන්න ගෙදරට ටිකක් දුර හින්දා ජිමින් ජන්ග්කුක්ගෙන් බාස්කට් එක ඉල්ලුවෙ තව ටික දුරක් ඇවිදින්න ඕන නිසා ගෙදරට.

" කමක් නැ ජිමින් මට ගෙනියන්න පුලුවන්"

" කමක් නෑ දෙන්න" ජිමින් ජන්ග්කුක්ගන් බාස්කට් එක ගන්න උත්සහ කරන ගමන් කිව්ව.

" ඕනෙ නැ" ජන්ග්කුක් එයාගෙ අත පිටිපස්සට කලා.

" හියුන්ග් මම එක සැරයක් කිව්වා දැන්"

" ඉතින්?"

" ඕක මෙහාට දෙන්න"

" බැහැ" ජන්ග්කුක් බාස්කට් එක එයාගෙ ඔලුව උඩට කරලා අල්ලගත්තා.

ජිමින් අකමැතිම වැඩේ.එයා මිටි හින්දනෙ ඔය ඔක්කොම.ජිමින් නම් දැන් කේන්තිය හින්දා රතු වෙලා.වටේම තිබ්බ කලුවරට ස්තුතිවන්ත වෙන්න ජන්ග්කුක්ට ඒක පේන්නෙ නෑ. නැත්තම් ඒකටත් විහිලු කරයි. එයා කොච්චර උඩ පැන්නත් වැඩක් උනේ නෑ.

මං දන්නව කරන්න ඕනෙ මොකද්ද කියලා හියුන්ග්

ජිමින් උඩ පනින එක නතර කරලා කට කොනෙන් හිනා උනා.

" මොකද!?" ජිමින්ගෙ දුශ්ට මූන දැක්කම ජන්ග්කුක්ට ටිකක් බය හිතුන්නැ කිව්වොත් බොරු.මොක්ද ජන්ග්කුක් එයාගෙ අම්මට ස්තුති වෙන්න   දන්නව මේ පොඩි ජීවියා පේන තරම් අහින්සක නැ කියලා.

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα