9.කාලය

253 80 31
                                    

ජිමින් විසිත්ත කාමරේට වෙලා තරහෙන් පුපුර පුපුර හිටියේ.මොකද ඇල්ෆලට රාජකාරි වලින් සතියක් නිවාඩුවක් දීලාතිබුනට ජන්ග්කුක් හරියටම නිවාඩුවේ අන්තිම දවසේ විශේශ වැඩක් කියලා එලියට ගියා.ඉතින් ජිමින්ට තරහයි.එයා හිතන් හිටියේ අද එයාගෙ ඇල්ෆ එක්ක එයාලගෙ ගෙදර එයාලගෙ ඇදේ තුරුලු වෙලා ඉන්න.

කොහෙද මේ හියුන්ග් ට වැදගත් වැඩනේ!!

"පුහ්" තමන් රවනව කියලා ජන්ග්කුක්ට පෙනුනෙ නැතත් ජිමින් පුප්පගෙන අත් දෙක පපුව හරහා බැදගත්තා.

☀︎︎☀︎︎☀︎︎☀︎︎

" ඔමේගා!! තමුන් මොනවද හිතන් ඉන්නෙ? ආ? මේ දවල් වෙලාවෙ මෙතනට කතා කරන්නෙ? කවුරුහරි දැක්කනම් එහෙම" කෑලෑව ඇතුලේ වෙනදා ඒ දෙන්න හමුවෙන සුපුරුදු තැනම හමුවෙලා හිටියා ඇල්ෆා ඔමෙගට කෑ ගැහුවා.

" ඇයි ඔයාගෙ ආදරනීය ඔමේගා මේ ගැන දැනගනී කියලා බයද? "ඔමෙගා කටකොනෙන් හිනා වෙන ගමන් ඇහුවා.පේන විදිහට එයා ගොඩක් තරහෙන්." ඔයා අරෙහෙ තමුන්ගෙ ඔමේගා එක්ක සතුටින් ඉන්නකොට මන් විතරක් තනියෙන් දුක් විදින්න ඕනෙද?"

" ඒක මගේ වැරද්දක් නෙවේ ඔමේගා"

" මොකද නැත්තේ? ඒක සම්පූර්ණයෙන්ම ඇල්ෆගේ වැරද්ද තමයි.කලින්ම මේ ගැන තීරනයක් අරන් තිබ්බනම් අපි දෙන්නටම ඕන කරන දේ දැන් ලැබිලනේ.එහෙනම් අපි දෙන්නාම දැන් ගොඩක් සතුටින්" ඔමේගා ඇල්ෆගේ උරහිසෙන් අල්ලගෙන වියරුවෙන් වගේ කියවගෙන ගියා.
ඇල්ෆා නිහඩවම කල්පනා කලා.

"මන් හිමීට විසදන්නම්"ඇල්ෆා කිව්වා.

" ඔයා විසදනකන් මට ඉන්න බැහැ.මම කියන විදිහට වැඩ කලොත් අපි දෙන්නටම හොදයි." ඔමේගා එහෙම කියලා ඇලෆගෙ උරහිස අතෑරලා ඇල්ෆට පිටුපාලා හිටගත්තා." ඔයාට බැරි නම් මම ඒක තනියම කරන්නම්......

ඔයා මොකුත් කරන්න ඕනෙ නැ ඇල්ෆා මම කියන විදිහට වැඩ කරන්න.එතකොට ඔයාගෙ ඔමේගත් පරිස්සමින් ඉදී"

" ඔමේගා!!!" ඔමේගගෙ වචන ඇහුනම ඇල්ෆා කැලේ දෝංකාර දෙන්නම කෑ ගැහුවා.මොකද ඇල්ෆා දන්නවා මෙතන ඉන්නෙ ඔමේගා කෙනෙක් උනාට එයාට ඕනම දෙයක් කරන්න පුලුවන් කියල.ඕනම දෙයක්.....

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now