7.කැප කිරීම්.

247 78 36
                                    

පැක් හවුස් එකට එනකම්ම ජන්ග්කුක් ජිමින්ගෙ ඉනෙන් අත අයින් කරගත්තෙ නෑ.ජිමින් එයාගේ ඉන වටේ උනුහුමට එතිලා තියෙන ඒ අතට කැමති උනා මොකද එයාගෙ ඇල්ෆගෙ ඇරෙන්න වෙන කෙනෙක්ගෙ රාගික ඇස් වලට අහුවෙන්න ජිමින්ට කිසි උවමනාවක් තිබ්බෙ නෑ.ඉතින් ජන්ග්කුක් එයා ලගින්ම මේ විදිහට ඉන්න එකට එයා මොකට අකමැති වෙන්නද?

එයාලා පැක් හවුස් එකට ඇතුලු වෙලා වට පිට බැලුවම දැක්කෙ දැනටමත් පැක් හවුස් එක ඇල්ෆලා ඔමේගලාගෙන් පිරිලා ඉන්න විදිහ.

" ජිමී.....න්" එයාල ඇතුලු උනු ගමන්ම තේහ්‍යුන් දුවගෙන ආව ජිමින් ලගට.
" ඇල්ෆා.ඔයාගෙ ඔමේගා එක්ක මට ටිකක් කතා කරන්න පුලුවන්ද?" තේහ්‍යුන් ජිමින්ව එයාගෙ පැත්තට අදින ගමන් කිව්වා.

ජන්ග්කුක් ජිමින්ගෙ ඉනේ තියෙන අත ගන්න අදි මදි කරද්දි ජිමින් ජන්ග්කුක් දිහායි එයාව හිමින් හිමින් අදින තේහ්‍යුන් දිහායි බලලා ගිග්ලින්ග් විදිහට හිනා උනා.ජිමින් දන්නව තේහ්‍යුන් දැන් එයාව මෙතන්න් ගෙනියනකන්ම අදින එක නතර කරන්නෙ නැ කියලා.එයාගෙ ඇල්ෆත් එයාගෙ ඉන අතාරින්න කිසිම කැමත්තක් නැති පාටයි.

දෙන්නම මුරණ්ඩුයි.

" ජන්ග්කුකා!!" තුන දෙනාම හැරිලා බැලුවේ එයාලට පිටිපස්සෙන් ඇහුන කටහඩ අදුනගෙන.
පිටිපස්සෙන් හිටගෙන හිටියේ යුන්ගී.

" ඔමේගා තේහ්‍යුන්.ඔයාගෙ ඇල්ෆා ආවා කරුනාකරලා යනවද දැන්" ජන්ග්කුක්  ජිමින්ගෙ ඉන තව ටිකක් තද කරගත්තා.

" මන් ආවෙ එයාව එක්ක යන්න නෙවේ උබව එක්ක යන්න. වරෙන් නාම්ජුනා කතා කරනවා"යුන්ගි එහෙම කිව්ව්ම තේහ්‍යුන් ජිමින්ව එයාගෙ පැත්තට ඇදගෙන ජන්ග්කුක් දිහා බලලා කටකොනෙන් හිනා උනා.

" ජිමින්! තනියම කොහෙවත් යන්න එපා" ජන්ග්කුක් ජිමින්ගෙ ඉන අතාරින්න කලින් අවසාන් වතාවට කිව්වා." තේහ්‍යුන් එක්කම ඉන්න මම ඉකමනට එන්නම්" ජිමින්ගෙ ඇස් වලට එබිලා එහෙම කිව්ව ජන්ග්කුක් ජිමින් එයා දිහා බලලා හිනා වෙලා හා කියන්න ඔලුව හෙල්ලුවම එතනින් ගියා.

" මිනී...ඔයාගෙ ඇල්ෆනම් මාර මුරණ්ඩුයි" තේහ්‍යුන් ජන්ග්කුක් යන දිහා බලාගෙන ඔරවගෙන කිව්වා." ඒවා වැඩක් නෑ අපි යමු අර පැත්තට"

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now