11.ලස්සන සන්ද්‍යාවක්

376 53 20
                                    

උදේම කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක ජන්ග්කුක් ඇස් අරිද්දි හොදටම වහිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උදේම කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක ජන්ග්කුක් ඇස් අරිද්දි හොදටම වහිනවා.එයා ඇස් ඇරලා බලද්දි බෙල්ලට වැදෙන උනුසුම් හුස්ම හින්දා තමන්ට තුරුලු වෙලා ඉන්න ජිමින් දිහා බැලුවේ ලස්සන හිනාවක් එක්ක.

එයාට මේ උනුසුම සතියක් තිස්සෙ ගොඩක් මගහැරිලා තිබුනේ.

වැස්ස හින්දා තියෙන සීතලත් එක්ක ජිමින් තමන්ටම තුරුලු වෙන විදිහ ජන්ග්කුක් ආසාවෙන් වින්දා.ජිමින්ගෙ රෝස පාට කම්මුල් තව්ත් ජන්ග්කුක්ගේ පපුවට තද වෙද්දි ජිමින්ගේ පිරුනු තොල් උල් වෙලා එයාගෙ හුරතල් පෙනුම තවත් වැඩි කලා.එයාට ජිමින්ව මේ සීතලේ ඇහැරවන්න ලෝබ හිතුනා.වැස්ස හින්දා අද කොහොමත් කැලෑවට යන්න බැරි වෙන එකේ ජන්ග්කුක් නැගිටින්න වද උනෙත් නෑ.
ජිමින් දිහා ටිකක් බලන් හිටිය ජන්ග්කුක් ජිමින්ගේ නලලින් දිග හාදුවක් තිබ්බෙ ඒ මොහොත් ඒ විදිහටම තියෙනවනම් කියලා හිතන ගමන්.

ටික වෙලාවකින් ජන්ග්කුක්ට ආයෙමත් නින්ද ගිහින් තිබ්බෙ එයාවත් නොදැනුවත්ව.

ඒත්.....

ටිකකින් ආයෙත් එයා නැගිට්ටේ තමන්ගේ බෙල්ල මුලින් දැනෙන උනුසුම් හුස්ම හින්දා.

" සුබ උදෑසනක් මිනී..." ජන්ග්කුක් එහෙම කිව්වත් ජිමින් ජන්ග්කුක්ට ආපසු සුබ පතන්න කරදර නොවී දිගටම එයාගෙ වැඩේ කරගෙන ගියා.

" ඔමේගා.....ඔයා ඔය කරන්නෙ එච්චර හොද දෙයක් නෙවේ......උදෙන්ම ඔයාට රිද්දලා නවත්තන්න ඕනෙ නැ මට" ජිමින් ජන්ග්කුක්ගේ බෙල්ලෙ එයාගෙ තොල් ගෙනියද්දි ජන්ග්කුක්ට කිති ඉතින් ජන්ග්කුක් ඒක හිනා වෙවී කිව්වත් ජිමින්ගේ ඇස් දෙක දැක්කම ජන්ග්කුක්ගේ හිනාව නැති උනා.

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now