12.ආදර හෝරාව

170 37 16
                                    

ජිමින් ජන්ග්කුක් එක්ක ගෙදර ආව ගමන්ම කලේ මහන්සිය නොබලා පිරිසිදු වෙලා ආව එක. මොකද එයාට කෙනෙක්ට කෑමක් හදන්න තියෙනවා.

මතකද ඒ දෙන්නා නායොන්ව බලන්න යන්න කතා කරගත්තා?

(මීට, කතාව මතක නැති Author 😐)

ඉතින් එයා පුලුවන් ඉක්මනින්ම පිරිසිදු වෙලා ඇවිත් ආවේ කුස්සියට. එයා කුස්සියට එනකොටත් ජන්ග්කුක් කැරට් අලයක් කටේ ගහන් හිටියේ. ජිමින් ඉනටත් අත් දෙක තියන් බලන් ඉද්දි ජන්ග්කුක් මොට්ට හිනාවක් දාලා කැරට් අලෙන් කෑල්ලක් හපාගෙන ඒක හපන්න පටන් ගත්තා.
°
°
°
°
ජන්ග්කුක් ගෙ ත් උදව් එක්ක ඔන්න දෙන්නම කෑම එකත් හදාගත්තා.

" ඔක්කොම හරි...දැන් යන්න විතරයි තියෙන්නෙ.ආ විනාඩියක් ඉන්න හියුන්"

ජිමින් මොකක් හරි මතක් කරන ගමන්  එහෙම කියලා  කාමරේ ට යන්න හැරෙද්දිම ජන්ග්කුක් ජිමින්ගේ අතින් ඇදලා නතර කලා.

" ජිමින්!" ජිමින්ගේ ඇස් දිහා බලන ගමන් ජන්ග්කුක් ජිමින්ගේ අත් දෙකෙන් අල්ලගත්තේ ඒ හුරතල් ඇස් අස්සෙ ගිලෙන ගමන්.ජිමින් ඇසුත් ලොකු කරග්‍ර්න ජන්ග්කුක් දිහා බැලුවෙ හදිස්සියෙන්.

එයා ගන්න යන්න හැදුව එක ගන්නත් නෑ නෙ.

" මම....ම...මට.....මේ...." ඇල්ෆා  කතා කරගන්න වචන හෙව්වා.

" අනේ හියුන්ග්......ඕක ඉක්ම්නට කියන්නකො අපි ඉක්ම්නට යන්න ඕනේ"  ජිමින් ජන්ග්කුක් ව තවත් කලබල කරන ගමන් එහෙම කිව්වම ජන්ග්කුක් වටපිට බලන ගමන් තඩි කෙල ගුලියක් ගිලලා යටි තොල හපාගත්තා.
ජිමින් ජන්ග්කුක් දිහා ඔලුවත් ඇල කරගෙන බලලා හිනා උනා. එයා ඊලගට එයාගෙ එක අතක් ජන්ග්කුක්ගේ කම්මුලෙන් තියලා ඇගිලු තුඩු වලින් ඉස්සිලා එයාගෙ තොල් ඇල්ෆගේ තොල් වලට තද කලා.

" ඔයාට හිතෙන වෙලාවක ඕක ගැන මට කියන්න .....ම්ම්" ජිමින් ජන්ග්කුකගේ කම්මුල මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන් එහෙම කියලා කාමරේට ගියා.

ජන්ග්කුක් එයාගෙ ඔලුව පිටිපස්සට අතින් ගහගන්න ගමන් ජිමින් යන දිහා බලලා හිනාවෙලා වෙන පැත්තක් බලා ගත්තා.

                                 ᯽᯽᯽᯽᯽

" ජිමින්.....ඔයා ගොඩක් මහන්සි වෙලානෙ..." නයෝන් මූන ලස්සන හිනාවකින් පුරවගෙන එහෙම කිව්වෙ ජිමින්ගේ අත් දෙකෙන් අල්ලගන්න ගමන්.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 06, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now