2.තීරණය

254 77 18
                                    

හෙමින් හවස් වෙද්දි අද උත්සවයට ඕන හැම දෙයක්ම වගේ හැමෝම ලෑස්ති කරගෙන හිටියේ.

උදේ උනු සිද්ධියෙන් පස්සෙ නාම්ජූන් පැක් හවුස් එකට ආවේ ලොකු නාට්‍ය ක් බලාපොරොත්තුවෙන් ඒත් එහෙම කිසි දෙයක් උනේ නැහැ හැම දේම සාමාන්‍ය විදිහටම සිද්ද උනා.

ජිමින් අදහස අතෑරගෙන නැද්ද?

නාම්ජූන් එයාගෙ අප්පා එක්ක කතා කරන්නම් කිව්වට නාම්ජූන්ට පැක් එකේ නායක ඇල්ෆව හම්බෙන්න වෙලාවක් තිබුනේ නෑ. නාම්ජූන්ට තිබුණත් නායක ඇල්ෆා අද ගොඩක් කාර්‍යබහුලයි.මොකද මේක තමයි එයාගෙ නායකත්වයෙන් පවත්වන අන්තිම උත්සවය.නාම්ජූන් විවාහ උනාට පස්සෙ ඒ හැම දේම බාර නාම්ජූන්ට.නාම්ජූන් එයාගෙ කාමරයට වෙලා කල්පනා කර කර ඉද්දි එක පාරටම කාමරේ දොර ඇරුනම නාම්ජූන්ගෙ කල්පනාව බිදුනා.

" හියුන්ග්....ලෑස්ති වෙලා ඉවරයිනම් යමුද දැන් වෙලාවත් හොදටම ලගයි."

දොර ඇරගෙන ආවෙ ජන්ග්කුක්

Name : Jeon Jungkook Status : Alfa Scent : PineAge : 25

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Name : Jeon Jungkook
Status : Alfa
Scent : Pine
Age : 25

ජන්ග්කුක් කියන්නෙ කිම් පැක් එකේ ඉන්න ශක්තිමත් වගේම කඩවසම් ඇල්ෆා කෙනෙක්.එයා තාම මේට් වෙලා නැති හින්දා හැම තනිකඩ ඔමේගා කෙනෙක් වගේම ජන්ග්කුක් ගැන බලාපොරොත්තු තියන් හිටියේ.ඒත් ජන්ග්කුක්ගේ තද ගති හින්දා ඇල්ෆාගෙ හිත දිනා ගන්න එක එච්චර ලේසි උනේ නෑ.

"ජන්ග්කුක්!!" නාම්ජූන් ජන්ග්කුක් දිහා බැලුවේ අසරන වෙලා වගේ.
" ජන්ග්කුක් මට ටිකක් කතා කරන්න ඕනෙ."

❀❀❀❀

ජිමින් තැනිතලාවෙ ඉදන් ආව වෙලාවෙ ඉදන් ඉන්නෙ අමුතු විදිහට කියලා තේරුන නිසා ජිමින්ගෙ අම්මා එයාගෙන් ඒ ගැන ඇහුවත් ජිමින් කිව්වෙ මේ විවාහය නිසා එයා කලබලයි කියලා.විවාහය දවසෙ එහෙම වෙන එක සාමන්‍ය දෙයක් කියල හිතුන නිසා ඔමේගා පාක් ඒ ගැන ජිමින්ගෙන් අහලා කරදර කරන්න ගියේ නෑ.

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now