5.පළවෙනි වතාව

301 79 50
                                    

ජන්ග්කුක් වෙනදටත් වඩා සතුටින් ගෙදර යන්න පිටත් උනේ අද දඩයම කලින්ම ඉවර උන නිසා.එයාගෙ අතෙ එක එක මල් වලින් හදපු පුංචි මල් පොකුරකුත් තියෙනවා.ජන්ග්කුක් ඉක්මන් අඩි තියමින් ආවෙ එයාට ඕන උනා ඉක්මනට ගෙදර ගිහින් මුලු ගෙදරම පිරිලා තියෙන හනීසක්ල් සුවද විදින්න.ලගකදි ඉදන් ජන්ග්කුක් පෞද්ගලිකව හනීසක්ල් වලට මාරම කැමතී. ඒ සුවද ජන්ග්කුක් ව කොච්චර නිවනවද කියලා එයාටත් හිතා ගන්න බෑ.
ජන්ග්කුක් එයාගෙ අතේ තියෙන මල් පොකුර දිහා බලලා හිනා උනා.එයාට තේරෙන්නෙ නෑ මල් පොකුරක් ලස්සනට හදාගන්න.කවදා කරපු වැඩද මේ?.ඒත් ඉතින් එයාට ජිමින්ට මල් දෙන්නම ඕන උනා.

ඒත් ඉතින් එයාට ජිමින්ට මල් දෙන්නම ඕන උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් කැමති වෙයි.

එයා හිනාවෙවීම ගෙදරට ඇතුලු වුනත් වෙනදට නාස්පුඩු කඩාගෙන් දැනෙන හනීසක්ල් සුවද අද වෙනදට වඩා අඩුයි කියලා දැනුනම හිනාව නැති වෙන්න වැඩි වෙලවක් ගියෙ නෑ.

" ජිමින්!!"
ජන්ග්කුක් කිචන් එකට ගිහින් බැලුවා.ජිමින් නැහැ.

" ජිමින්!! ඔයා කාමරේද?" ජන්ග්කුක් ඉක්මනින් කාමරෙට ගිහින් බැලුවේ සමහර විට ජිමින් නිදිද කියලා හිතන ගමන්.

ඒත් කාමරෙත් ජිමින් නෑ කියලා දැක්කම ජන්ග්කුක්  කලබල උනා.මොකද ජිමින් මේ ගෙවුන මාසෙටම තනියෙන් කොහෙවත් ගියේ නෑ.ඒ වගේම එයා ගියෙත් ජන්ග්කුක් එක්ක ඒකත් එයාලගෙ දෙමව්පියන්ගේ ගෙවල් වලට විතරයි.

අතේ තිබ්බ මල් පොකුර කෑම මේසෙ උඩින් තියපු ජන්ග්කුක් ඉක්මනට එයාගෙ අම්මලගෙ ගෙදරට දිව්වා.

ජිමින් එහෙත් නෑ.

ජන්ග්කුක්ගෙ හිතට එක එක සිතිවිලි එන්න පටන් ගත්තා.

✩•̩̩˚ Hσɳҽყʂυƈƙʅҽ ✩•̩̩˚Where stories live. Discover now