💕 2 💕

467 94 30
                                        










??" ඔයා කැමතිනම් මට ඔයාව ගිහින් දාන්න පුලුවන්... "

🐨" සජන්නිම්... " මං ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ මගේ ඉස්සරහා කාර් එකත් නතර කරන් ඉන්න සජන්නිම් දිහා...

??" දැන් ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලන් ඉන්නේ නැතුව වැඩට යන්න ඕනිනම් ඉක්මනට නගිනවා... නැත්තන් තව බස් එකක් එනකන් ඉදලා පරක්කු වෙලා එනවා... හැබැයි තමුන්ගේ දවසේ පඩියෙන් භාගයක් කපනවා... " සජන්නිම් තරහින් එහෙම කියද්දි මට හීන් දාඩියත් දැම්මා... පඩියෙන් භාගයක් කපා ගන්න තිබ්බ බයටම මං ඉක්මනට කාර් එකේ දොර ඇරලා පිටිපස්සේ සීට් එකෙන් වාඩි වෙන්න හැදුවා... එතකොටම...

??" තමුන් දැන් හදන්නේ මාව තමුන්ගේ ඩ්‍රයිවර් කරගන්නද... " මං දිහාට නපුරු බැල්මක් දාලා සජන්නිම් එහෙම කියද්දි මං ඉක්මනට ගිහින් පැසෙන්ජර් සීට් එකෙන් ඉදගත්තා...

🐨" කුමාවෝ සජන්නිම්... " මං එහෙම කියනවත් එක්කම කට කොනකින් හිනාවුන එයා...

??" හ්ම්ම්... මං තමුන්ට කලිනුත් කියලා තියෙනවා නේද කවුරුත් නැති තැන මට සජන්නිම් කියන්න එපා කියලා... " මං ඉහාට් ඔරවල බලලා ඒත් ටිකක් සැර අඩු කරලා මගෙන් ඇහුවා...

🐨" දේ සජන්නිම්... මියාන්... ජින් හියොං... " මං එහෙම කියද්දි

🐷" අන්න දැන් හරි... දැන් තමුන් මට කියනවා මොකද අදත් පරක්කු කියලා... මට දැන් කියන්න එපා තමුන් අදත් මගේ යොදොන්සෙග් දිහා බලන් හිටියා කියලා... " ජින් හියොං ආයෙත් එයාගේ සුපුරුදු තරහා මූඩ් එකෙන්ම මගෙන් ඇහුවා... හරිම ගොං හිනාවක් දාපු මං

🐨" මං ගෙදරින් එළියට එනකොටම නූනා ගේ ඉස්සරහා හිටියනේ හියොං... ඉතින් ඉබේටම වගේ මට එයා දිහා බැලුනා... "

🐷" ඉතින් තමුන් එයා දිහා බලන් භාවනා කලා... හැමදාම වෙන්නේ ඒකනේ... " මං කියලා ඉවර වෙන්නත් කලින් හියොං එහෙම කියලා මට දවාඅළු වෙන විදියේ බැල්මක් දැම්මා... පුහ් මං බය වෙයි ඕවට... ඇත්තම කිව්වොත් මං ජින් හියොංට ගොඩක් බයයි... මොකද නූනට ඉන්න එකම් හියොං තමයි මේ... අනික එයා ගොඩක් වසයි... හරිම දුශ්ටයි... කෝම හරි ජින් හියොංගේ රැවිලි මැද්දෙම අපි දෙන්නා වැඩ කරන තැනට ආවා... ජින් හියොංට ලොකු හොටෙල් එකක් තියෙනවා... මාත් වැඩ කරන්නේ ඒ හොටෙල් එකේම ජින් හියොංගේ ඇසිස්ටන් විදියට... අපි මෙහේ පදිංචියට එන්න කලින් ඉදන්ම මං හියොංලව අදුරනවා... ඒ චිමී හින්දා... චිමී කියන්නේ ජින් හියොංගේ මල්ලි ජිමින්... එයා තමයි මගේ හොදම යාලුවා...

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now