අද දවසෙම නූනා එක්ක මං ගොඩක් තැන්වල ඇවිද්දා... ඒත් එයා මේ වගේ දේවල් කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුනා... ඇයි මට හැමවෙලේම හිතෙන්නේ නූනා මට කොච්චර අකමැතී කියලා පෙන්නුවත් ඒක බොරු කියලා... ඒත් එයා මට සැර කරනකොට අඩන එක තවමත් මට නතර කරගන්න බැරි වුනා... මං නූනට ගොඩක් ආදරෙයි තමයි ඒත් මං එයාට බයයි... දවසෙම ඇවිදලා ඇවිදලා ශොපින් කරලත් ඉවර වුනාට පස්සේ මං හිතුවේ නූනා මාව ගෙදර ගිහින් දායී කියලා... ඒත් නූනා මාව එක්කන් ආවේ ලස්සනම ලස්සන නිස්කලංක තැනකට...
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
නූනා ජූන්ව එක්කගෙන ආවේ මෙතනට
හරිම ලස්සනයි... හැමතැනම මල්වලින් පිරිලා... නිකන් මල් උයනකට ආවා වගේ... නූනා අපි දෙන්නටම කොෆී ඕඩර් කලා කෑමත් එක්කම... මං නූනා එක්ක කතා කරන්නේ නතුවම වටපිට බල බල හිටියේ මගේ හිතට අමුතු නිදහසක් දැනුන හින්දා... ඒ නූනා මං ළඟ ඉන්න හින්දද නැත්තන් අපි මේ වගේ තැනකට ආව හින්දද ඒමත් නැත්තන් අද දවසම නූනා එක්ක ගෙව්න හින්දද කියලා මං දන්නේ නෑ... ඒත් මං දන්න එකම දේ මං කාලෙකට පස්සේ ගොඩක් සතුටින් හිටියා කියන ඒක විතරයි... ඒත් එකපාරට නූනා මගෙන් අහපු දේ හින්දා මට හුස්ම ගන්නත් අමතක වුනා...
👩" මට ආදරේ කරන්නේ ඇයි... " මං අසරණ බැල්මකින් නූනා දිහා බලන් හිටියේ මේකට උත්තර දෙන්නම ඕනිද අහන්න... මං කෝමද දෙයියනේ කියන්නේ එයා තමයි මගේ හැමදේම කියලා... ඒත් එයා මං දිහා බලන් ඉන්න විදියට මට උත්තර දෙන්නම වෙනවා... මට ලැජ්ජත් හිතුනා... ඒත් මොනා කරන්නද කවදහරි මං මේ දේවල් නූනට කියන්නම එපැයි... ඒත් පොඩ්ඩක් ඉන්න... නූනා කෝමද දන්නේ මං එයාට ආදරේ කරනවා කියලා... මං ඒක කවදාවත් කාටවත්ම කියලා නෑනේ... ආයිශ්... මට තරු පෙනුණේ එතකොට තමයි... නූනා නම් හොදට ඉදගෙන කොෆී එක බොනවා...
ESTÁS LEYENDO
💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)
Fanfictionනූනා මං ඔයාට ගොඩක් ආදරේ කරනවා... ඒත් මං කෝමද ඒක ඔයාට කියන්නේ... මං ඔයාගේ මල්ලිගේ යාලුවනේ... - kim namjoon ඇයි මට මේ කරදරකාර කොල්ලටම හිත ඇදිලා යන්නේ... ඒකා මොනා කලත් ඒ හුරතලේ දැක්කම මට සේරම අමතක වෙනවා... - park soha ✍️ aaro21
