💕 8 💕

352 64 16
                                        







ජූන්ට බැනලා තමන්ගේ කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන තමන් ගෙදරදි පාවිච්චි කරන ඔෆිස් රූම් එකට ගිය ජින් ඉදගන්න හැදුවත් ඒක නතර කරලා දොර දිහා බැලුවේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුන හින්දා... ඉක්මනට ගිහින් දොර ඇරපු ජින්

🐷" එන්න ඔම්මා ඇතුලට... " දොර ළඟ ඉන්න ඔම්මට ඇතුලට කතා කරලා ජින් දොර වහලා දැම්මා...

👩‍💼" ජින් පුතේ මං ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න... " ඔෆිස් රූම් එකේ තිබුන සෝෆා එකෙන් ඉදගන්න ගමන් ජින්ගේ ඔම්මා කිව්වා...

🐷" කියන්න ඔම්මා... මොනා ගැනද ඔම්මට කතා කරන්න ඕනේ... " ජින් ඔම්මා දිහා බලලා කුතුහලෙන් එහෙම අහද්දී...

👩‍💼" නම්ජූන්ට ඔය තරම් දරුණු වෙන්න එපා පුතා... එයා අම්මා තාත්තා නැති දරුවෙක් ජින්... ඒ විතරක් නෙවෙයි එයා දැන් අපේ ලොකුම වගකීම එහෙම නේද... ඒ නිසා එයා එක්ක ටිකක් හොදින් ඉන්න... " ඔම්මා ඒ ටික කිව්වේ ජින් දිහා බලාගෙනමයි... ටිකකින් ඔම්මා ලගින්ම ඉදගත්ත ජින්

🐷" මං දන්නවා ඔම්මා... සෝහා අපිට බාරදීලා ගියේ ලොකු වගකීමක්... අපි එයාව ආරක්ෂා කරන්න ඕනේ... ඒත් එයා දැන් ඉන්න විදියට අපිට ඒක කරන්න අමාරුයි ඔම්මා... " ජින් කියලා ඉවර වෙනකොටම

👩‍💼" ඔයා කියන්නේ... ජ්.. "

🐷" ඔයා හිතපු දේ හරි ඔම්මා... ජූන් ඕනිවටත් වඩා සංවේදී වැඩී... එයාට පොඩි දෙයක්වත් දරාගන්න බෑ... ඉතින් එයා කෝමද එයාගේ පස්සේ පන්නන මිනිස්සු එක්ක හැප්පෙන්නේ... මං දන්නවා ජූන් හොදට ඉගෙන ගන්නවා කියලා ඒත් ඒක විතරක් මදි නේද ඔම්මා... එයාට එයාව තනියම බලාගන්න පුලුවන් තැනට එයාගේ පෞරුෂය ගොඩනැගෙන්න ඕනේ... අපිට හැමදාම එයාගේ ළඟින් ජිමින්ව තියන්න බෑ... අපිට එයාව ආරක්ෂා කරගන්න බැරි දවසක් ආවොත් එයා එයාව ආරක්ෂා කරගන්න දැනගෙන හිටියෙ නැත්තන් අපි මේ කරන දේවල් වල ප්‍රතිපලයක් නෑ නේද ඔම්මා... මගේ යොදොන්සෙග් එයාගේ ආදරෙන් ඈත් වෙලා එයාගේ පවුලෙන් ඈත් වෙලා කරන කිසිම දෙයකින් වැඩක් නැතුව යනවා නේද ඔම්මා... මං ජූන්ට මගේ දොන්ග්සෙන්ග්ලා දෙන්නට තරම්ම ආදරෙයි... මටත් ඕනේ එයාව පරිස්සම් කරගන්න... එයාට කරදරයක් වෙනවට මං කැමති නෑ... ඒ නිසයි මේ හැමදේම... " ජින් තමන්ගේ ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලුත් පිහදගෙන ඔම්මව බදාගත්තා...

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now