💕 11 💕

347 61 23
                                        






හැමෝම කාලා ඉවර වුනාට පස්සේ ජිමින් ඔම්මා එක්ක කෑම මේසේ අස් කරන්න ගත්තා... ජින් ඔෆිස් රූම් එකට යද්දි සෝහා ජූන්වත් එක්කගෙන ගාර්ඩ්න් එකට ගියා... ගාර්ඩ්න් එකේ තිබුන බෙන්ච් එකෙන් සෝහා වාඩිවෙනකොට ඒ ලගින්ම ජූනුත් ඉදගත්තේ සෝහා එයා එක්ක කතා කරන්න ඕනේ කියලා කියපු හින්දා...

👩" ජූන්... "

🐨" ඔව් නූනා... "

👩" මට නම කියලා කතා කරන්න ජූන් නැත්තන් ඔයා කැමති වෙන නමක් කියන්න නූනා කියන්නේ නැතුව... " සෝහා මූනත් ඇඹුල් කරගෙන ඒම කියනකොට

🐨" මියානේ... ආයේ ඒම කියන්නේ නෑ... දැන් කියන්නකෝ මොනාද කියන්න තියෙනවා කිව්වේ... " ජූන් කිව්වේ හරිම උද්‍යෝගෙන්...

👩" ඔයාට මතකයිද මං කියපු දේවල්... " සෝහා තරමක් කල්පනාකාරීව ඇහුවා...

🐨" ඔව් මතකයි... " ජූන් කියනකොට

👩" හැමෝම හැමවෙලේම ඔයාට කිව්වේ ගොඩක් පරිස්සම් වෙන්න කියලා... මං හැමදේම කරන්නෙත් ඔයාව පරිස්සම් කරන්න... ඒත්... " සෝහට ඉබේටම සුසුමක් පිටවුනා...

🐨" ඇයි ඒත් කියලා නතර කලේ... " ජූන් ටිකක් කලබලෙන් ඇහුවේ සෝහා කතාව නතර කරපු හින්දා...

👩" ඔයා තවමත් වෙනස් වෙලා නෑ ජූන්... " සෝහා ඒම කියලා අහක බලාගත්තේ ජූන්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී...

🐨" ඔ..ඔ.. ඔයා... ක්..කෝමද... ඒක දන්නේ... " ජූන්ගේ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙද්දි ඒම ඇහුවා...

👩" ඒම මං ඔයාට පස්සේ කියන්නම්... දැන් ඔයාට මං කියන්න යන්නේ ලොකු රහසක්... ඒ වගේම ඒක ඔයාට ගොඩක් වැදගත්... "

🐨" ඒ මොනා ගැනද... "

👩" මේකයි...





















ඒ නිසා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ... ඒ වගේම මේ කිසිම දෙයක් ඔයා දන්නේ නෑ වගේ හැසිරෙන්න ඕනේ තේරුනාද... " සෝහා සේරම කියලා ඉවර වෙනකොට ජූන්ගේ ඇස්වල කදුලු පිරිලා තියෙනවා සෝහා දැක්කා...

👩" ඔයාට අඬන්න ඕනේ නම් අඬන්න ජූන් අද මං ඔයාව නතර කරන්නේ නෑ... ඒත් ආයේ කිසිම දවසක ඔයාට අඬන්න බෑ... " සෝහා ජූන්ව තමන්ගේ තුරුලට අරගෙන එහෙම කියද්දී ජූන් ඉකි ගගා අඬන්න ගත්තා...

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now