💕 End 💕

405 61 28
                                        





යුංගි තව ඔෆිසස්ලා දෙන්නෙකුට කතා කරලා මල සිරුර අයින් කරන්න අණ දීලා සෝහවයි ජින්වයි එක්කගෙන එතනින් ගාඩ්න් එකට ආවේ ඩිනර් අරගන්න ගේ ඇතුලට යන්න... එයාලට ආයේ මුල ඉඳලම අලුතෙන් ප්ලෑන් කරන්න වෙන හින්දා ඉක්මනට ඩිනර් අරගෙන එයාලා ආයේ ගරාජ් එක ඇතුලට ඇවිත් රෑ එලිවෙනකන්ම තුන්දෙනා එකතු වෙලා ප්ලෑන් එක හද වැටිච්ච තැන්වලම නින්දට වැටුනේ තිබුන මානසික පීඩනය හින්දමයි...

                     උදෙන්ම ඇහැරුන සෝහා අනිත් අයට කතා කරන්නේ නැතුවම වෙලාව බලද්දි එයා දැක්කේ වෙලාව උදෑසන හය සටහන් වෙලා තියෙනවා... කිසිම සද්දයක් කරන්නේ නැතුව හිටපු තැනින් නැගිටපු සෝහා ගාරාජ් එකෙන් ගේ ඇතුලට ගියේ එයාගේ ඔම්මත් එක්ක එකතු වෙලා කට්ටියටම බ්‍රෙක්ෆස්ට් හද්දන්න හිතන් වුනත් ගේ ඇතුලට යනකොටම සෝහාට මතක් වුනේ ජූන්ව... හැමවෙලේම එයාගේ තුරුලේ දැවටෙන එයාගේ ආදරේ... කොයි තරම් දැඩි කෙනෙක් කරන්න උත්සහා කලත් හැමවෙලේම හුරතල් වෙන ජූන්ව... මොකක් හරි මගෝඩි වැඩක් කරලා පපී ඇස් වලින් එයා දිහා බලන් ඉන්න ජූන්ව... ඉරිසියා හිතුනම ඇස් වල කදුලු පුරවගෙන එයා දිහා බලන ජූන්ව... පොඩි කාලේ ඉදන් අද වෙනකන්ම එයාගේ ආදරේ වෙච්ච ජූන්ව එයා මතක් කරද්දි සෝහටත් නොදැනිම එයාගේ ඇස් කදුලු වලින් බොදවෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ... ඒත් එක්කම එයාගෙ කන් ඇතුළෙ දෝංකාර දුන්නේ ජූන්ගේ ඔම්මා එයාගෙන් ගත්ත පොරොන්දුව... මොකද සෝහා ජූන්ගේ ඔම්මට පොරොන්දු වුනා ජූන්ට අවුරුදු විසිතුනක් සම්පූර්ණ වෙනකොට එයාගේ නැති වුන හැම දේපලක්ම එයාට ගන්න උදව් කරනවා කියලා... ඒ වගේම සෝහාට මතක් වුනා එදා එයා හැමදේම ජූන්ට කිව්වා කියලා... ඒ වගේම තව දෙයක් මතක් වුන නිසා සෝහට කදුලු අතරින්ම හිනාවක් ගියා...

🐥" මොකද තමුසේ අඩ අඩ හිනාවෙන්නේ... " සෝහාගේ උරහිස හොලවලා ජිමින් ඇහුවේ එයාගේ නූනා අඩන ගමන් හිනාවෙනවා දැකපු හින්දා...

👩" අනියා... මුකුත් නෑ... " ජිමින්ට හිනා වෙලා ගේ ඇතුලට ඇවිත් සෝහා කුස්සියට යද්දි ජිමින්ට මතක් වුනේ එදා එයා හොරෙන් අහගෙන හිටපු එයාගේ ඔම්මගෙයි හියොංගෙයි කතාව... එද එයාගේ හිත මොන තරම් සැහැල්ලු උනත් අද එයාගේ හිත ගොඩක් බර වෙලා තිබුනේ... ඒකට හේතුව වුනේ එයාගේ ඉස්සරහාපිටම එයාගේ හොදම යාලුවා ජූන්ව කිඩ්නැප් කරපු නිසා... මේ හින්දා ජිමින් තරමක මානසිකව වැටිලා හිටියේ...

 💕 ήόόήά'ş Ļόνέ 💕 (Completed)Where stories live. Discover now